මම බෝලේ අත ගගා ඉන්නේ නැතිව මිනිස්සු වෙනුවෙන් වැඩ කළා

0
557
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය එළඹෙන ඇඟහරුවාදා දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගැසට් කරන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.
අද(27) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
අඹගමුව හා නුවරඑළිය ප්‍රාදේශ සභා වෙන් වෙන ආකාරය පිළිබඳ මෙහිදි එළිදක්වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එම ප්‍රදේශයන්හි භූමි ප්‍රමාණය හා ජන සංයුතිය පිළිබඳ අවධානය යොමු කරමින් මෙම වාර්තාව එළිදක්වන බවත් පැවසු අමාත්‍යවරයා, සමහර තීන්දු තීරණ ගනු ලැබු පසු අමාත්‍යවරු තනි මතයට වැඩ කරන බවත් කියා සිටියේය.
කෙසේ වෙතත් පසුගිය දිනවල මැතිවරණ කොමසාරිස්වරයා තමා බෝලය අතගාමින් සිටින බව පැවසූව ද එවැන්නක් නොකළ බවත්, ජනතාවට ඡන්දය පැවැත්විය හැකි වටපිටාවක් නිර්මාණය කිරීම උදෙසා තමන් කැපවු බවත් එනිසා අද වන විට පිච් එක සුදානම් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
පළාත් පාලන මැතිවරණයට අදාළ ගැසට් නිවේදනයේ ඇතැම් විකෘති සහගත වගන්ති මේ වන විට නීතිපති උපදෙස් මත හා මැතිවරණ කොමිසමේ නිර්දේශ මත වෙනස් කරමින් සිටින බවත් එළඹෙන ජනවාරී මාසයේ ඉලක්ක කර ගත් අයුරින් මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
සමහරු අද වන විට මැතිවරණය කල් යෑම ඡන්ද වේදිකාව නිර්මාණය කිරීමට යොදා ගනු ලැබූව ද කිසි විටෙකත් ඡන්දය කල් දැමීමට රජයට අවශ්‍යතාවයක් නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here