පක්ෂයට හතුරුකම් කළ අය කොපමණ ජ්‍යෙෂ්ඨ වුවත් ඔවුන් පක්ෂයෙන් ඉවත් කිරීම හැර වෙන විකල්පයක් නෑ – ඇමැති එස්.බී. දිසානායක

0
730

මැතිවරණය නොපවත්වන්නේ ආණ්ඩුව ඊට බියවී යැයි ප්‍රකාශ කරන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු රැසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට උත්සාහ කරන බව එම පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඉදිරි මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂයට ජයග්‍රහණය කළ නොහැකි බවත් එම පක්ෂයේ සාමාජිකයන් රැසක් ඉදිරියේදී ජනාධිපතිවරයා හා එක්වීමට නියමිත බවත් මහනුවරදී පැවැති පාක්ෂිකයන් දැනුවත් කිරීමේ හමුවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අමාත්‍යවරයා කීවේය.

කුරුණෑගල ආසනය දිනවීමට මෙන්ම එම ආසනයෙන් ඡන්දය ඉල්ලා සිටි මහින්ද රාජපක්ෂ මහතා නිසා මන්ත්‍රිවරු තිදෙනකු අහිමිවුණා පමණක් නොව ඡන්ද 89,000කින් දිනා තිබූ එම ආසනය ඡන්ද 28,000 දක්වා අඩු වුණා යැයි කී අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එම පක්ෂයට හතුරුකම් කරන අය කොපමණ ජ්‍යෙෂ්ඨයන් වුවත් ඔවුන් පක්ෂයෙන් ඉවත් කිරීම හැර වෙනත් විකල්පයක් නැහැ. ඔවුන් නොයෙක් ප්‍රකාශ කළත් පසුගිය කාලය තුළ ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිඳ දමමින් පොහොට්ටු පක්ෂය ප්‍රවර්ධනය කළ බව මුළු රටම දන්නවා.

පසුගිය මහ මැතිවරණයේදී මහින්ද රැල්ලක්, මහින්ද සුළි සුළඟක්, මහින්ද සුනාමියක් තිබෙන බවට ප්‍රකාශ කරමින් මැතිවරණයට ඉදිරිපත්ව අවසානයේ සිදුවූයේ පක්ෂයට තිබූ ලක්ෂ 58ක ඡන්ද ප්‍රමාණය ලක්ෂ 48ට ඇද වැටීම බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here