ජනාධිපතිතුමනි; රාජිතගේ ලණු කන්න එපා

0
540

රාජිතගෙ ලණු කන්න එපා කියලා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පැවැසූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.
ජවිපෙ දිරිය පුරවැසි මාතලේ දිසා සමුළුව අමතමින් මේ බව පැවැසූ දිසානායක මහතා දත් දොස්තර කෙනකුට සෞඛ්‍ය විෂය භාරදීමෙන් රටම ලෙඩ වී ඇති බවද පැවැසීය. මාතලේ අඹගහමල බස්නැවතුම්පොළ අබියසදී මෙම සමුළුව පැවැත්විණ.

අනුර කුමාර මහතා මෙසේද පැවැසීය.

ලබන ජනවාරි මාසය තුළදී අනිවාර්යයෙන්ම පළාත් පාලන මැතිවරණය පවත්වනවා. පත්තරවල ටී.වී.වල මොනව ලීවත් කවුරු මොනව කීවත් පළාත් පාලන මැතිවරණය ජනවාරි මාසය තුළදී පැවැත්වීම සහතිකයි. පළාත් සභා මැතිවරණය පස් වරකට පැවැත්වීමේ රජයේ සූදානමක් තිබෙනවා. නමුත් ජවිපෙ බල කිරීම පස් වරකට නොව පළාත් සභා මැතිවරණය දෙවරකදී පැවැත්විය යුතු බවටයි.

ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපති ක්‍රමයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මේ නිසා ජනාධිපතිවරණයකට ජවිපෙ සූදානමක් නොමැතියි. නමුත් එළැඹෙන 2020 පවත්වන මහ මැතිවරණයේදී රටේ වෙනසක් ඇති කිරීමේ අවශ්‍යතාව ජවිපෙට තිබෙනවා. මේ නිසා එම වෙනස උදෙසා අත්වැල් බැඳ ගන්නා ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් මෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන්ද වෙනත් පක්ෂවල පාක්ෂිකයන්ද ජවිපෙ වටා ඒකාරාශි කර ගැනීමේ දැවැන්ත දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

උගතුන් බුද්ධිමතුන් වෘත්තීය සංගම් ඇතුළු ස්වෙච්ඡා සංවිධාන හා පොදු ජනතාව ඒකරාශී කර ගනිමින් 2020දී රට තුළ විප්ලවීය වෙනසක් ඇති කරනවා. එජාපය සමඟ ජවිපෙ ඩීල් දානවා කියලා චෝදනා නඟන අයම රනිල් වික්‍රමසිංහ සමඟ ඩීල් දාගෙන ඉන්නේ. මහින්දට දරුවන්, බිරිය බේරා ගැනීමේ ඩීල් තිබෙනවා.

මේ රටේ දේශපාලනය හොඳ තැනක නැහැ. මේ නිසා පවතින දේශපාලනය පිළිබඳව ගැඹුරු ජනතා සංවාදයක අවශ්‍යතාව තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ දිරිය පුරවැසි සමුළු වැඩසටහන එම වැඩපිළිවෙළේ අඩිතාලම බවට පත් කළ හැකියි. රවි කරුණානායක, විජයදාස රාජපක්ෂගේ පුවත් පසුගිය දිනවල වාර්තා කළා. මේවා රටට අවශ්‍ය පුවත්ද?

මහින්ද ගත්ත ගෙවන්න බැරි ණය කන්දක් ගැන කියමින් රනිල් වික්‍රමසිංහ ලෝක බැංකුවෙන් ඩොලර් කෝටි 110ක් අරගෙන ආවා. ඒ එන ගමන් කපිලවස්තුපුරේ පාසලක් ඉදි කිරීමටත් මුදල් වගයක් දීලා.

තේ, පොල්, රබර් ආදායම පහත වැටුණා. පොල් ආනයනය කඩා වැටුණා. රුපියල පාලනය කිරීමට නොහැකි වෙලා. ළමයි ඉම්බා කියලාවත්, බෙල්ලේ සාටකයක් ගැට ගසා ගත්තා කියලාවත් නායකයෙක් වෙන්නේ නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here