රවි දැන් වුණත් උසාවි ගෙනියන්න පුළුවන්

0
600

බැඳුම්කර මිලදී ගැනීමේදී රාජ්‍ය බැංකු ප්‍රධානීන් කැඳවා අවම ලංසු කැඳවීමට නියෝග කිරීම හා අල්ලසක් වශයෙන් සුපිරි නිවෙසක් ලබා ගැනීම සම්බන්ධයෙන් මන්ත්‍රි රවි කරුණානායකට එරෙහිව මේ මොහොතේ වුවද නීතිය ක්‍රියාත්මක කළ හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
අදාළ කරුණු පිළිබඳ විමර්ශනය කළද මෙතෙක් නඩු පැවැරී නොමැති බව පවසන ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා කියා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද ඒ ආකාරයටම කැඳවා පරීක්ෂණ සිදු කළද අවසානයේ මේ සියලු වාර්තා, වාර්තා පමණක්ම බවට පත්වේදැයි සැකයක් මතුව ඇති බවයි.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඊට අදාළ චූදිතයන්ට දඬුවම් දෙනවාද නැද්ද යන්න දැනගත හැකි වන්නේ වාර්තාව ලබාගත් පසුව වන අතර තම පක්ෂය ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් මෙම වංචාවට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට අවශ්‍යතාවක් තිබුණා නම් කෝප් කමිටු වාර්තාව පමණක්ද ප්‍රමාණවත් බවත් අගමැති ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට මුල සිටම වුවමනා වී තිබුණේ වංචාව යට ගැසීමට බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
බැඳුම්කර පිළිබඳ ජනපති කොමිසමේ පරීක්ෂණ සම්බන්ධව ගැටලුවක් නැති වුවත් කොමිසමේ කාලය වරින් වර දීර්ඝ කර පරීක්ෂණ අනන්තය දක්වා ඇදගෙන යන්නේ නම් එහි ගැටලුකාරි ස්වභාවයක් මතුවීමට ඉඩකඩ පවතින බවත් ඒ පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවත් හෙතෙම පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ ඊයේ (25දා) සිය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු විසින් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here