පාර්ලිමේන්තුව ගැන විමල් කළ ප්‍රකාශයෙන් වියරු දේශපාලනේ හෙළි වෙනවා

0
220

කිසිදු බලවේගයකට නවතා දැමිය නෙහැකි පරිදි රට තුළ සාමය සහ සංහිදියාව නිර්මාණය කිරීම වෙනුවෙන්  ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගන්නා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් පසුගියදා වේදිකාවේදී ඉදිරිපත් වූ ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් කරුණු දක්වා තිබේ.

නව ව්‍යවස්ථාවට සහයෝගය දක්වන සියලු දෙනා මරා දැමිය යුතු බවට විපක්ෂ වේදිකාවකදී කළ ප්‍රකාශය අතිශය බියකරු ප්‍රකාශයක් බව අදාළ නිවේදනයේ දැක්වේ.

මෙරට ස්ථාවර සාමය සංහිදියාව සහ සංවර්ධනය වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කළ යුතු බවට 2015 දී ජනවරමක් ලබාදී තිබියදී එවැනි ප්‍රකාශයක් සිදුකර ඇති බව අදාළ නිවේදනයෙන් පෙන්වාදෙනවා.

ප්‍රධාන නායකයන් දෙපළ රටේත් ලෝකයේත් විශ්වාසය දිනාගනිමින් ජාත්‍යන්තරවාදී මාවතේ සාර්ථකව ඉදිරියට ගමන් කිරීම ඉවසාගත නොහැකි, බලලෝභී පරාජිතයන් පිරිසක්, එවැනි ප්‍රකාශ සිදුකරන බවයි මංගල සමරවීර අමාත්‍යවරයා වෙනුවෙන් නිකුත් කළ නිවේදනයෙන් සඳහන් කර ඇත්තේ.

එමෙන්ම ජාතිවාදය සිය දේශපාලන උපායමාර්ගය කරගත් විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් කල ප්‍රකාශයෙන් ද වියරු දේශාලනය හෙළි වන  අමාත්‍යවරයා පවසයි.

කෙසේවුවද බහුතරයක් වූ මානවවාදී මිනිසුන්ගේ බලවේග සමග අත්වැල් බැදගෙන වියරු බලවේග පරාජය කිරිමට සූදානම් බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here