දේශපාලන අරමුණු ඉටුකරගන්න ඒකාබද්ධය රට ගිනි තියනවා

0
285

දේශපාලන අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් රට ගිනි නොතබන්නැයි ජාතික සහජීවනය සංවාද ‘රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කෙළේ කොළඹ 14 නාරායන ගුරු මණ්ඩපයේ පැවැති නාරායනගුරු ස්වාමිගේ 163 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද කීය.
ඒකාබද්ධ විපක්ෂය ගම්වල ඉන්න දුප්පත් අහිංසක ජනතාව වෙත මේ අතුරු වාර්තා ගෙන ගොස් පට්ටපල් බොරු කියමින් ඔවුන්ගේ මනස විකෘති කරමින් තම දේශපාලන අරමුණු ඉටු කර ගන්නවා. ජාතිවාදය නිසා තමයි අපේ රට මේ තරම් පසුබැහැලා තියෙන්නේ. උතුරු නැඟෙනහිර ඒකාබද්ධ කිරීම, බුදු දහමට හිමි ස්ථානය හා අතුරු වාර්තාවේ තියෙන ෆෙඩරල් ලක්ෂණ සම්බන්ධව කතා කරනවා. මේ සියල්ල යෝජනාවන් පමණයි. දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ඇතුළු සියලුම පක්ෂ තම තමන්ගේ ස්ථාවරය ප්‍රකාශ කරලා තියෙනවා.

අපි ප්‍රශ්න විසඳගන්නේ මුහුදෙන් පිටට ගිහිල්ලා. එහෙමත් නැත්නම් ජිනීවා ගිහිල්ලා. එක්සත් ජාතීන්ගේ සංවිධාන වෙත ගියේ ශ්‍රී ලංකාව එහි සාමාජික රටක් වූ නිසා. සාමාජික රටක ප්‍රශ්නයක් වූ විට එයට මැදිහත් වෙන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයිතියක් තියෙනවා. නමුත් අපි මේ සංවිධානවලට අපේ ප්‍රශ්න නොයන පරිදි වග බලා ගත යුතුයි. අපිට ඒක කරන්න බැරි වුණා. අපි අපේ රටේ ප්‍රශ්නවලට උත්තර සොයා ගත යුතුයි.

මෙයට පිළියමක් විදියට තමයි නව ව්‍යවස්ථාවට අදාළ වූ අතුරු වාර්තා අගමැතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. නව ව්‍යවස්ථා කෙටුම්පත නෙවෙයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. එය යෝජනා මත සකස් කළ අතුරු වාර්තාවක් පමණයි. අතුරු වාර්තාව සාකච්ඡාවට භාජන කරලයි තියෙන්නේ. විවිධ මත ඉදිරිපත් වෙනවා. නිවැරැදි බහුතර මතය පිළිගන්නවා. ඒ නිසා කිසිම තැනක මේ සම්බන්ධව අන්තවාදී ස්ථාවරයක් නෑ.

හිටපු ජනාධිපති රාජපක්ෂ මහතා නායකත්වය යටතේ ක්‍රියාත්මක වන ඒකාබද්ධ විපක්ෂ සාමාජිකයන්ගේ දේශපාලන අරමුණු ඉටු කිරීමට රටට ගිනි තියන්න එපා. ජාතිවාදය අවුස්සමින් යළි රට යුදමය වාතාවරණයකට තල්ලු කරන්න එපා. එහෙම වෙන්න යහපාලන ආණ්ඩුව ඉඩ දෙන්නේ නෑ. අපි යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්. එය අපේ දුර්වලකම් කියලා හිතන්න එපා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here