අඹ ගෙඩි තුනක් කැඩුවාම දුන්න දඬුවමේ හැටියට මහ බැංකුවම සුද්ද කළාට කොහොම දඬුවමක් දෙන්න ඕනද?

0
737

දැන් අපේ රටේ ආණ්ඩුවයි රුපියලයි දෙකම බාල්දු වෙලා. ක්‍රිකට් කණ්ඩායම බාල්දු වෙලා. මහ බැංකුව බාල්දු කළා. මේ ආණ්ඩුව දැන් රටේ හැමදෙයක්ම බාල්දු කරමින් සිටින බව දකුණු පළාත් සභා මන්ත්‍රි එජනිස චන්න සාලිය මෙන්ඩිස් පවසයි. ගාල්ලේ පැවැති රැස්වීමක් අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.
අඹ ගෙඩි තුනක් කැඩුවාම දුන්න දඬුවමේ හැටියට මහ බැංකුවම සුද්ද කළාට කොහොම දඬුවමක් දෙන්න ඕනද? දඬුවම් දෙනවාද? තාම පේන්න නෑ. ටයි එක දාගෙන මහ බැංකුව කඩපු නිසා මහ හොරුන්ට කොමිසම විතරයි. අඹ ගෙඩි තුනට කොහොමද? අපි කියන්නේ සැමට නීතිය පොදුවේ ක්‍රියාත්මක විය යුතුයි.

මේ ආණ්ඩුව ආවේ යහපාලනය, මාධ්‍ය නිදහස, වගේ ලස්සන වචන සෙට් එකක් දාගෙන, ඒ වචන සෙට් එක පිටිපස්සේ හිටියේ හොරු සෙට් එක කියලා පේන්න අපේ රටේ ජනතාවට ටික කාලයක් ගියා. දැන් මෙහෙම ලස්සන වචන දාගෙන ආපු මේ අය අද අපූරු සංස්කෘතියක් රටට බිහිකරලා. උද්ඝෝෂණයක් කරන්න බෑ හිරේ දානවා. මහින්ද මහත්තයාගේ කාලේ කොයි තරම් මන්ත්‍රිවරු උද්ඝෝෂණය කළාද? කවුරුවත් හිරේ ගියේ නෑ. අපූරුවට මහින්ද මහත්මයාට බැන බැන එතුමා හදපු පාරෙම ගෙදර ගියා. නමුත් අද ජනතාව එක්ක උද්ඝෝෂණයකට සහභාගි වන මන්ත්‍රීන් හිරේ. මහ බැංකුව සුද්ද කරපු අය තාම කොමිෂන්වල.

ඡන්දයක් තියන්න පුදුම බයක් තියෙන්නේ. පසුගිය කාලේ කිව්වේ ඒකාධිපති කියලා. අපි හැමදාම ඡන්දේ නියමිත වෙලාවට හෝ කලින් තිබ්බා. මේ ආණ්ඩුවට ඡන්දයක් තියන්නවත් හයියක් නෑ. ඡන්දයත් අද බාල්දු වෙලා. රටම බාල්දු වෙලා. ව්‍යවස්ථාවක් ගේනවා කියලා ඒකත් අද බාල්දු කරලා. මේ රටේ ප්‍රධාන දේවල් ඔක්කොම අද වන විට බාල්දු වෙලා.

අපේ ආණ්ඩුව කාලේ හයිවේ හදන කොට ඇහුවේ මේවා රත්තරං  වලින්ද  හැදුවේ කියලා. එහෙම කියලා බොරු ලෝකයක් මවලා ආණ්ඩුව ගත්තා. එක අඟලක් අධිවේගී මාර්ගය දික් කරන්න බැරි වුණා. රත්තරං වලින්වත්  හදන්න බැරි එවුන්ට බෑම තමයි. දැන් නම් රටේ මිනිස්සු දන්නවා ඕන ගොනෙකුට ඇමැතිකම් කරන්න පුළුවන් වුණාට ඇමැතිකම්වල වැඩ කරන්න වැඩ පෙන්වන්න හැම කෙනාටම බෑ කියලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here