යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෛත්‍රි – රනිල්ගේ ආදර හසුනක්

0
127

යහපාලන ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෛත්‍රිපාල සිරිසේනගේ සහ රනිල් වික්‍රමසිංහගේ ආදර හසුනක් බව මවුබිම සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

එන්ජීඕ නඩවල වුවමනාවන්වලට ගෙන එන එම ව්‍යවස්ථාව සම්මත කිරීමට පාර්ලිමේන්තුව තුළ අත ඔසවන්නන්ට නැවත ඡන්දය ඉල්ලීමට ගම්වලට ඒමට ඉඩ ලබා නොදෙන බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
මවුබිම සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඊයේ (24දා) අභයාරාමයේදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
වැඩිදුරටත් අදහස් දැක්වූ ආනන්ද හිමියෝ මෙසේද පැවසූහ.

තියෙන ව්‍යවස්ථාව තමන්ගේ අභිමතයන් පරිදි රටට නොගැළපෙන, ජාතියට නොගැළපෙන, සසුනට නොගැළපෙන යම් යම් කෑලි අමුණලා ව්‍යවස්ථාවක් සංශෝධනය කරන්න ගේනවා නම් අපි කිසිසේත්ම ඒකට එකඟ වෙන්නේ නැහැ.

මේ ව්‍යවස්ථාව ගැන රනිල් වික්‍රමසිංහ එක දෙයක් කියනවා. මෛත්‍රිපාල සිරිසේන තව කතාවක් කියනවා. මේක තේරුම් ගන්න බැහැ. මේ ව්‍යවස්ථාව ලියවිල්ලක් කියලා සමහරු කියනවා. සමහරු කියනවා කෙටුම්පතක් කියලා. සමහරු කියනවා ව්‍යවස්ථාවයි, කෙටුම්පතයි අඳුරගන්න බැරි පිරිසක් මේකේ ඉන්නවා කියලා. මේ කියන කතාවලින් අපිට පැහැදිලිව පේන්නේ මේක රනිල් වික්‍රමසිංහ මහතාගේත්, මෛත්‍රිපාල සිරිසේන මහතාගේත් ආදර ලියුමක් කියලා තමයි. ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නම් ලව් ලෙටර් එකක්.
මහ නායක හිමිවරුන් එකතුවෙලා මේ ව්‍යවස්ථාව ගැන කතා කළා. මේ ව්‍යවස්ථාව හකුළා ගන්න කියලා කතා කළා.

නිකාය භේදයකින් තොරව සියලුම මහා සංඝරත්නය එකට එකතු වෙලා කටයුතු කරන්නේ මේ ව්‍යවස්ථාව ගේන්න එපා කියලා.
අපි පැහැදිලිව කියන්න කැමැතියි පවතින ව්‍යවස්ථාව තියෙද්දී ව්‍යවස්ථාවේ සංශෝධන පමණක් ගෙනැල්ලා රටේ යහපතට කටයුතු කරන්න කියලා. එහෙම නැතුව එන්ජීඕ නඩවලට ඕනි විදියට මේ රටේ ව්‍යවස්ථාවන් ගේන්න මවුබිම සුරැකීමේ ජාතික ව්‍යාපාරය විදියට අපි විරුද්ධයි.
මේ ව්‍යවස්ථාව ගේන දවසට මේ කඩදාසි කෑල්ල සම්මත කරගන්න කුමන හෝ මන්ත්‍රිවරයෙක්, ඇමැතිවරයෙක් අත ඉස්සුවොත් මේ රට පාවා දෙන, මේ රට විනාශ කරන මේ ව්‍යවස්ථාවට අත උස්සන හැම කෙනාටම ඡන්දයක් දෙන්න එපා, ඔවුන්ට ඡන්දය දීමෙන් වළකින්න කියලා අපි ගෙන් ගෙට යනවා.

රෝහණ පාර්ශ්වයේ අනුනායක ඕමාරේ කස්සප හිමි
ගාමිණී වියන්ගොඩ කියලා ඇඟ පුරා මොළේ තියෙන මිනිහෙක් ඉන්නවා. මේ ආණ්ඩුව ගාමිණී වියන්ගොඩ වගේ ඉත්තෙක් දාලා භික්ෂුන් වහන්සේලාට චෝදනා කරලා මේ ආණ්ඩුව සංස්කෘතියට පහර දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා.
ගාමිණී වියන්ගොඩලා මහා සංඝරත්නය හෑල්ලුවට ලක් කරනවා.
අපි ආණ්ඩුවට කියනවා එක එක ඉත්තො දාලා සම්බුද්ධ ශාසනයට ගහන ගැහිල්ල නතර කරලා රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන්න කියලා.
ගලගම ධම්මරන්සි හිමි,
අද මාධ්‍ය නොවන්නට මේ රටට වෙන කලදසාව මොකක්ද කියන ගැටලුව තියෙනවා. අද ජනාධිපතිතුමා බොහොමයක් දේවල් දැන ගන්නේ මාධ්‍යවලින්. අපි කියනවා ජනාධිපතිවරයා මේ ව්‍යවස්ථාව සම්මත වුණා කියලා දැන ගන්නේත් මාධ්‍යයෙන්.
මේ රටේ ත්‍රස්තවාදයට උඩ ගෙඩි දීපු, ත්‍රස්තවාදය වෙනුවෙන් කතා කරපු අය තමයි මේ ව්‍යවස්ථාව සංශෝධනය පිටුපස්සේ ඉන්නේ. බටහිර රූකඩයක් විදියට කටයුතු කරන අපේ අගමැතිවරයාව අපි කිසිම දවසක විශ්වාස කරන්නේ නැහැ.

ගොම්බද්දල ධමිත හිමි
මේ රටේ දේශපාලනඥයෝ රටේ ජනතාවට හිතෛෂී විදියට කිසිම අවස්ථාවක ව්‍යවස්ථාවන් හැදුවෙත් නැහැ. සංශෝධනය කළෙත් නැහැ. 78දී හදපු ව්‍යවස්ථාව මේ වෙනකොට විසි පාරක් විතර සංශෝධනය කරලා තියෙනවා. ඒ හැම පාරකම සංශෝධනය කළේ ජනතා අභිලාශයන් ඉටු කරන්න ද කියලා අපි අහනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here