මං අභියෝග කරනවා වීරවංශගේ නායකයාට,නව ව්‍යවස්ථාව ගැන විවාද කරමු මහින්ද එක්ක.

0
356

මේ රටේ හරියට අපි දේශපාලනය කරනවා. ඒ ණය ඒ ඒ වෙලාවට හරියට අපි බේරලා තියෙනවා. අපිට අවලාද ඉදිරියට දියත් වෙමින් තිබෙනවා. නව ව්‍යවස්ථාව ගේන්නේ රට බෙදන්නලු. රට බෙදන පැත්තේ ජේ.වී.පී. එක ඉන්නවා කියලා වීරවංශ කියනවා. අපිට එන්නලු ව්‍යවස්ථාව ගැන සංවාදයකට. අපි ලෑස්තියි. මං අභියෝග කරනවා වීරවංශගේ නායකයාට, මහින්ද රාජපක්‍ෂට එන්න කියලා අපිත් එක්ක විවාද කරන්න. ජ.වි.පෙ. නායකයා විදියට මම ලෑස්තියි වීරවංශගේ අභියෝගය භාර ගන්න. නව ව්‍යවස්ථාව ගැන විවාද කරමු මහින්ද එක්ක.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේ පැවැසුවේ පසුගියදා (22දා) තංගල්ලේදී පැවැති ජනතා විමුක්ති පෙරමුණේ දිරිය පුරවැසි සමිති සමුළුවට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් ජනතාව අමතමින් අනුර දිසානායක මහතා මෙසේ ද පැවැසීය.
වීරවංශටම විවාදයක් ඕන නම් අපි ලෑස්තියි එයාට ගැළපෙන කෙනෙක් එවලා ඒ විවාදය කරන්න. අපි ඒ අභියෝගයටත් ලෑස්තියි. මේ අය කවුද? මවුබිම සිප වැලඳගෙන ජනතාවගේ දේපළ හොරාකාපු මැර ජීවිත ගත කරපු ඊනියා දේශප්‍රේමියෝ බොරු ආදරේ පෙන්නලා ජනතාවගේ දේපළ විකුණන් කාපු විදිය ගැන කතා කරන්න කැමැතියි. ඒ ඔක්කොම හෙළිදරව් කරන්න මම ලෑස්තියි.

මේ ඊනියා දේශප්‍රේමි මහත්වරුන්ගේ සළුපිළි උනාදමා ජනතාව ඉස්සරහා නිරුවත් කරන්න අපි ලෑස්තියි.
කිසිදු ජනතා උද්ඝෝෂණයකට උසාවි වාරණ පන වනවට අපි කැමැති නැහැ. ජනතාවට අයිතිවාසිකම් වෙනුවෙන් කරන සටනට උසාවියෙන් ලබාදෙන තීරණ අපි පයිසෙකටවත් ගනන් ගන්නේ නැහැ. හැබැයි අත්අඩංගුවට ගන්නවා පොදු දේපළ යටතේ නඩු දානවා. නාමල් එළියට එනවා පව් අනෙක් කොල්ලෝ. උන් තාම ඇතුළේ. මහින්ද කතා කරනවා රනිල්ට. දැන් නීතිය තියෙන්නේ කාගේ ගාවද? ඒක තාම තියෙන්නේ ඒ ගොල්ලෝ ගාව. ඒක නිසා මහින්ද මහත්තයයි මහින්ද මහත්තයාගේ පවුලේ අයයි ඒ වටේ ඉන්න අයයි අද එළියේ ඉන්නේ රනිල් වික්‍රමසිංහගේ ඇප මත.

අපි හමුවේ තියෙන අභියෝගය තමයි මේ රටේ ගැඹුරු දේශපාලන සංවාදයකට මුල පුරන එක. අපේ රටේ ගැඹුරු දේශපාලන සංවාදයක් නැහැ දැන්. ගැඹුරු දේශපාලන සංවාදයක් අපේ රටට අවශ්‍යයි. ඒ ගැඹුරු දේශපාලන සංවාදයේදී මාධ්‍යවේදීන්ටත් මාධ්‍ය ආයතනවලටත් විශාල කාර්යයක් තියෙනවා. මේ මොහොතෙත් අපේ රටේ මාධ්‍ය ආයතන කටයුතු කරමින් තිබෙන්නේ එවැනි ගැඹුරු පුළුල් දේශපාලන සංවාදයකට නොවෙයි.

මහින්ද රාජපක්‍ෂගේ දේශපාලන පණත් එක්ක තමයි බොහෝ අයගේ පණ රැකිලා තියෙන්නේ. වීරවංශට තියෙනවද වෙනම පණක්. මහින්දගේ පණම තමයි. ගම්මන්පිලට තියෙනවද වෙනම පණක්. වාසුට තියෙනවද වෙනම පණක්. දිනේෂ් ගුණවර්ධනට තියෙනවද වෙනම පණක්.

බල්ලන්ගේ ඇඟේ වහපු මැක්කෝ. බල්ලා මැරෙනකොට වැඩියෙන්ම කලබල වෙන්නේ මැක්කෝ. මොකද බල්ලගේ හුස්ම ගියොත් මැක්කත් ඉවරයි. මේ අය රාජපක්‍ෂගේ උණුසුමෙන් දේශපාලනය කරන අය. ජනතා විමුක්ති පෙරමුණ රාජපක්‍ෂගේ හෝ රනිල්ගේ උණුසුමෙන් දේශපාලනය කරන්න සූදානම් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනයෙන් උපයගෙන තිබෙන්නේ දහස් ගණන් ජනතාව. ඔබ ගැන විශ්වාසයෙන් අපි දේශපාලනය කරන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here