පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (24)පස්වරුවේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.
මෙම සාකච්ඡාව සදහා පක්ෂ නායකයින් සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා සහභාගී වීමට නියමිත බව ජාතික සංහිදියාව පිළිබද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සදහන් කළේය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන කාලසීමාව පිළිබදව මෙහිදී තීරණයක් ගනු ඇති බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සදහන් කළේය