මේ වර්ෂයේ ඔක්තෝබර් 16 වැනිදා තෙක් ගත වූ කාලපරිච්ඡේදයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 2.6%කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
සෙසු විදේශ ව්‍යවහාර මුදල්වලට සාපේක්ෂව සැසඳීමේදී යූරෝවට සාපේක්ෂව සියයට 13%කින්, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව සියයට 9.9%කින්, ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට 6.0%කින්, කැනේඩියන් ඩොලරයට සාපේක්ෂව සියයට 10.4කින්, ඉන්දියානු රුපියලට සාපේක්ෂව සියයට 7.2%කින් වශයෙන් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.