බලය බෙදීමට විරුද්ධව විවේචන, උද්ඝෝෂණ හා විරෝධතා පවත්වන්න පුළුවන්. නමුත් ප්‍රශ්නවලට විසඳුම් දෙන්න.

0
499

බලය බෙදීමට විරුද්ධව විවේචන, උද්ඝෝෂණ හා විරෝධතා පවත්වන්න පුළුවන්. නමුත් ප්‍රශ්නවලට විසඳුම් දෙන්න ඒගොල්ල ගාව කිසිම යෝජනාවක් නැතැයි ප්‍රකාශ කරන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඒගොල්ලෝ විරුද්ධ නම් අපි ඉදිරිපත් කරන යෝජනාවලට ප්‍රධාන වශයෙන්ම දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ඒගොල්ලන්ගේ යෝජනා ඉදිරිපත් කරන්නැයි යෝජනාවක් කරයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදා හෝ කෙටුම්පත් කර හෝ නැතැයි පවසන ජනාධිපතිවරයා, දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති වාර්තාව පිළිබඳ කරුණු සාකච්ඡා කරන්න අවශ්‍ය සංශෝධන කරන්න පුළුවන් බවත්, රටේ ඒකීයත්වය බෞද්ධාගම පිළිබඳ බොහොම පැහැදිලිව සඳහන් කර තිබෙන බවත්, සමානාත්මතා සමාජයක් පිළිබඳ කතා තිබෙන නමුත් එහි තිබෙන දේවල්වලට වඩා ඉතාමත්ම නරක විදියට බොරු අසත්‍ය ප්‍රකාශ අන්තවාදී මිනිසුන් විසින් ප්‍රචාරය කරන බවත් කීය.
මේ සම්බන්ධයෙන් මාධ්‍යටද දැඩි ප්‍රහාරයක් එල්ල කළ ජනාධිපතිවරයා කීවේ ඇතැම් මාධ්‍ය ජනතාව නොමඟ යවන බොරු ප්‍රකාශ කරන බවයි.
ජනාධිපතිවරයා මෙසේද කීය.

අද තියෙන ප්‍රශ්නය තමයි දීලා තියෙන මාධ්‍ය නිදහසත් එක්ක පිටු 25ක් තියෙනවා නම් විසිහතරක්ම ආණ්ඩුවට විරුද්ධව තමයි ලියන්නේ. ආණ්ඩුවට විරුද්ධව පිටු 25ක් ලිව්වට කමක් නෑ. ප්‍රශ්නයක් නෑ. ඇත්ත ලියනවා නම්. නමුත් මේ පිටු පුරෝල තියෙන්නේ බොරු අසත්‍ය ප්‍රචාරවලින්. මේ බොරුවලින් ගෞරවනීය මහා සංඝරත්නයට බොරු ප්‍රචාර දීලා උන්වහන්සේ නොමඟ යවනවා. මේ බොරු ලියන අයටත් විරෝධතා පවත්වන අයටත් රට ගැන ආදරයක් නෙවෙයි තියෙන්නේ. ඒ ගොල්ලන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයක්. මේවා මෙහෙයවන අය පිටුපස්සේ සිටින්නේ ආණ්ඩු විරෝධී දේශපාලනඥයන්. ජාතිවාදය අවුස්සලා දේශපාලන බලය ලබා ගන්නැයි උත්සාහ කරන්නේ. ඒ ගොල්ලන්ට මම පැහැදිලිවම කියනවා ඒ පාපකාරී දේ කරන්න එපා කියලා. රටේ නැවත යුද්ධයක් ඇති නොවන්නට අපි අවංකව කටයුතු කරන්න ඕනෑ. එය අන්තවාදී අය මොන පාර්ශ්වය වුණත් ඒ ගොල්ලන් කරන්නේ යුද්ධයක් ළංකර ගැනීමයි.

ජනාධිපතිවරයා මේ සඳහන කළේ වවුනියාව සෛවප්‍රකාශ විද්‍යාලයේ පැවැති නිල මෙහෙවර ජනාධිපති ජනතා සහන සේවයේ සමාප්ති වැඩසටහනට සහභාගි වෙමිනි.

තීරු ලිපි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here