අද රෑ සිට දුම්රිය වැඩ නෑ

0
501

දුම්රිය රියැදුරු, පාලක, නියාමක හා ස්ථානාධිපති වැටුප් විෂමතාවලට අද (20දා) පස්වරුව වනවිට පිළිගත හැකි විසඳුමක් නොලදහොත් අද මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ දුම්රිය වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කරයි.

තම වෘත්තීය ශ්‍රේණිවලට තෘතීයික මට්ටමේ වැටුප් තල ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමේ බලධාරීන්ට උපදෙස් දුන් බවත් එම උපදෙස් අද (20දා) දිනට පෙර ක්‍රියාත්මක කරන ලෙස ඉකුත් සැප්තැම්බර් 20 වැනි දින උපදෙස් දුන් මුත් එය මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම සඳහා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවත් එහි සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා  ප්‍රකාශ කළේය. මේ අනුව දුම්රිය පාලක මැදිරිය, දුම්රිය රියැදුරන්, නියාමකවරුන් සහ දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙම අඛණ්ඩ වැඩ වර්ජනයට එක්වන බව හෙතෙම සඳහන් කළේය.

මේ පිළිබඳව ප්‍රවාහන අමාත්‍යාංශයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් පැවැසුයේ ඊයේ සවස් වනතුරුත් එවැනි වැඩ වර්ජනයක් පිළිබඳව අමාත්‍යාංශයට දැනුම් දීමක් කර නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here