නිළමේ වෙනුවෙන් ඇත්තටම පෙනී හිටියේ සාගලද,අමරවීරද???

0
527

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයක් අතරතුර,බස්නායක නිලමේවරයෙකු සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම පිළිබඳව යළි සමාජය තුළ කතාබහක් ඇතිව තිබෙනවා.ඒ සීමානිර්ණ කොමිසමේ හිටපු සභාපති අශෝක පීරිස් මහතා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන්.

අදාළ බස්නායක නිලමේවරයාට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණිල්ලක් කර ඇත්තේද අශෝක පීරිස් මහතා විසිනි.

ඔහු පසුගියදා ගම්පහ පැවති ජනහමුවකදී පැවසුවේ සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා,අදාළ බස්නායක නිලමේවරයා සම්බන්ධ පැමිණිල්ලේ කටයුතු අඛණ්ඩව සිදුනොකරන ලෙස තමාගෙන් ඉල්ලීමක් කළ බවයි.

මීට පෙර මේ සම්බන්ධ චෝදනාව එල්ල වූයේ නීතිය,සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා වෙතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here