අනිකාට මරණ තර්ජන රටිනුත් පිට වෙලා.

0
627

රවි කරුණානායක බිරිය සමඟ පැමිණි අර්ජුන් ඇලෝසියස් තමා සතුව තිබූ අති සුඛෝපභෝගී මහල් නිවාස ඒකකයක් ඔහුගේ මුදලින් රවි කරුණානායක පවුලේ පදිංචිය සඳහා දුන් බව බැඳුම්කර කොමිසම හමුවේ ප්‍රකාශ කළ අනිකා විජේසූරියට මරණ තර්ජන එල්ල වී ඇති බවත්, ඒ හේතුවෙන් ආරක්ෂාව පතා ඇයට රටින් බැහැරව යෑමට සිදුවී ඇති බවත්,ජ්‍යෙෂ්ට අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා ඊයේ (17දා) කොමිසමට පැමිණිලි කර සිටියාය.
ඒ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සඳහා කොමිසම යොමුවන බව ඊට ප්‍රතිචාර දක්වමින් කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේය.
කොමිසමේ කැඳවීම පරිදි සාක්කි ලබාදීම සඳහා කොමිසම හමුවට පැමිණි අනිකා විජේසූරිය දින වකවානු පමණක් නොව ඔප්පු තිරප්පුද කොමිසමට ඉදිරිපත් කරමින් කරුණානායක බිරිය සමඟ අර්ජුන් ඇලෝසියස් තමා හමුවීමට දිනෙක පැමිණි බව කියා සිටියාය.

පළමුව කරුණානායක මහතාගේ බිරිය පැමිණි බවත්, ඇය විසින් දෙන ලද දුරකතන පණිවුඩය අනුව ඇලෝසියස් එසැණින්ම පැමිණි බවත්, පාසල් සමයේ තමාගේ මිතුරකු වූ ඔහු කරුණානායක පවුලට පදිංචිය සදහා තමා සතු සුඛෝපභෝගී මහල් නිවාස ඒකකයක් රැගෙන දීමට පැමිණි බව ප්‍රකාශ කළ බවත් ඇය හෙළිකර සිටියේය.
පළමු පියවරේදී බදු ඔප්පුවක් යටතේ ලබාගත් එම මහල් නිවාස ඒකකය අනතුරුව ඇලෝසියස් විසින් මිලදී රැගෙන දුන් බවද ඇය හෙළි කර සිටියාය.
එම කරුණු අනාවරණය වීමත් සමඟම රවි කරුණානායක ඇමැතිවරයාද කොමිසම හමුවට කැඳවන ලද අතර ඔහු හමුවේ ඉදිරිපත් වූ සාක්ෂි හා ඔප්පු තිරප්පු ආදිය හමුවේ අන්තිමේදී ඔහු කියා සිටියේ මේ ගනුදෙනුව ගැන කිසිවක් තමා දැන නොසිටි බවය.

බොහෝ ප්‍රශ්නවලට ඔහු දුන් පිළිතුර වූයේ “මට මතක නෑ”, “මා දන්නේ නෑ” යන ප්‍රතිචාරයන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here