මේ ආණ්ඩුව බංකොළොත් වෙනව නම් වෙන්නේ කඳුළු ගෑස් නිසා

0
412

මේ ආණ්ඩුව බංකොළොත් වෙනව නම් වෙන්නේ කඳුළු ගෑස් නිසා. ඒ තරම් වියදම් කරනවා කඳුළු ගෑස්වලට. ඒ නිසා අපි කියන්නේ කරුණාකරලා මේ ගොන් වැඩ නතර කරලා මිනිස්සුන්ට ඇහුම්කන් දෙන්න. ආණ්ඩුවේ නායකයෝ මේවා දන්නේ නැහැ කියමින් බොරු කියනවා. ඒ වගේම දැනගෙන නොකර ඉන්නවා කියන එකත් අපි දන්නවා. ඒ නිසා කරුණාකරලා මේ රට වෙනුවෙන් පෙනී හිටපල්ලා කියලයි අපි කියන්නේ යැයි ඉත්තෑකන්දේ් සද්ධාතිස්ස හිමියෝ පැවැසූහ.
උන් වහන්සේ මෙසේ පැවැසුවේ තංගල්ල බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ සිටින මන්ත්‍රිවරුන් ඇතුළු පිරිසගේ සුවදුක් විමසා නැවත පැමිණි අවස්ථාවේදීය.
වැඩිදුරටත් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි මෙසේද පැවැසූහ.

රටේ දේපළ විකුණන්න එපා. රටේ දේපළ මංකොල්ලකන්න දෙන්න එපා. මේ රටේ භික්ෂුන් වහන්සේලා විදියට මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අපි අවධානයෙන් ඉන්නෙ. පියවර නොගෙන නිකරුණේ මේ මිනිස්සු දිගින් දිගටම සිරගත කරන්න ලෑස්ති වුණොත් ආණ්ඩුවට තව වියදම් කරන්න වෙයි. මෙතනට ආවම කනගාටුවක් ඇතිවෙනවා. ඒකට හේතුව තමයි රට වෙනුවෙන් පෙනී සිටීමට යෑමේ අතුරුඵලයක් ලෙසයි ඔවුන්ට සිරගත වෙන්න සිදු වුණේ. එහෙම නැතිව හොරකම්කරලවත්, මංකොල්ලකාලාවත්, ස්ත්‍රී දූෂණ කරලාවත් නෙවෙයි. මේ රටේ සම්පත් විකුණන එකට එරෙහිව පෙනී සිටීම තමයි ඔවුන්ට තියෙන ලොකුම චෝදනාව. මේ නඩුවේදී අපි දැක්කා හම්බන්තොට පොලිස් අධිකාරි කාර්යාලය ක්‍රියාත්මකවෙලා තියෙන ආකාරය. එය ඉතා නින්දා සහගතයි. ඒ වගේම මේ සිරගත කරල ඉන්නෙ අය අතර දරුවෙක් ඉන්නවා. අවුරුදු දහසයක් වයස දරුවෙක් රිමාන්ඩ් කරන්න බැහැ. ඔහු එක්කො පරිවාසගත කරන්න ඕන. සිරකරුවන් සමඟ එකට රැඳවීමම අති භයානක කාර්යයක් හැටියටයි අපි විශ්වාස කරන්නේ. ආණ්ඩුවේ ඉන්න මහින්ද අමරවීර ඇමැතිවරයා මටත් යමක් කරන්න පුළුවන්, මමත් හම්බන්තොට කියලා පෙන්නන්න කරපු වැඩක් වගේ තමයි මට මේ කාර්යය පේන්නේ. එතුමා වැඩක් කරලා තියෙනවා කියන එක මේ කාරණාවෙන් අපිට පැහැදිලි වෙනවා. ආණ්ඩුව සම්පූර්ණයෙන් ඇනගෙන තියෙන්නේ සියලු දේ. අද විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පහර දෙනවා. උද්ඝෝෂණයක් කළොත් පහරදීමක් කරනවා. මෙවැනි හැසිරීම්වලින් අපිට පේන්නේ, අපි විකුණනකල් උඹලා කට වහගෙන හිටපල්ලා, උඹලා ආපු දවසක උඹලත් විකුණපල්ලා කියන එකයි.

ඉවරයක් නැති, කෙළවරක් නැති දේට සංසාරේ වගේ කියනවා. ඒත් දැන් කියන්න වෙන්නේ ඉවර වෙන්නේ නැති ඒවට සයිටම් වගේ කියලා.

මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල,

රතුපස්වල, කටුනායක, හලාවත සිදුවීම් වැරැදියි කියන මතයේ ඉඳලයි ජනතාව ඒ යහපාලන ආණ්ඩුව පත් කළේ. යහපාලන ආණ්ඩුවෙනුත් මුල ඉඳලම කිව්වා අපි මේ වගේ තක්කඩි වැඩ කරන්නේ නැහැ. කතා කළේම රතුපස්වල, කටුනායක සිදුවීම ගැන. අද මොක්කද වෙලා තියෙන්නේ. ඊට එහා ගිය මහ දැවැන්ත මර්දනයක් සෑම අංශයකින්ම ක්‍රියාත්මක වෙමින් යනවා.

මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය හදපු ජාතික සම්පත් ටික විකුණගෙන කනවා. රටේ සම්පත් සියල්ල විකුණනවිට විරෝධය පාමින් පාරට බහින ජනතාව ඇතුළු දේශපාලනඥයෝ හිරගෙවල්වල දාලා මේක නවත්වන්න පුළුවන් වෙයි කියලා ආණ්ඩුව හිතනවා. මේක නවත්වන්න පුළුවන් වෙන්නේ නැහැ. එහෙම වුණොත් අපි ලෑස්තියි මේ ආණ්ඩුව ගෙදර යවන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here