පිදුරුතලාගල කන්ද ගිල්ල අපිට පරමාකන්ද ගිලින එක කජ්ජක්ද?

0
599

මත්තල ගුවන්තොටුපොළ විදේශ සමාගමකට බදුදීමට එරෙහිව පසුගියදා ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයේදී පසුගිය ආණ්ඩුව කටයුතු කළ අයුරින් පොලිසිය උද්ඝෝෂකයන්ට වෙඩි නොතබා අවම බලය පාවිච්චි කොට ක්‍රියා කර ඇති බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය.
තන්තිරිමලේ රජ මහ විහාරස්ථානයේදී පැවැති පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය ඉදි කිරීමේ කටයුතු හා සම්බන්ධ ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවැසීය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ යුගයේ අපි ඔහුගේ වැඩපිළිවෙළට විරුද්ධව රූපවාහිනි සංවාදවලත් දේශපාලන වේදිකාවේ සහ මහ පාරේ සටන් කළ මිනිස්සු. මහින්ද රාජපක්ෂ බලයේ සිටින කාලෙ ඔහුට බය නොවූ අපි බැසිල් රාජපක්ෂට බය වෙනවද? පිදුරුතලාගල කන්ද ගිලපු අපිට ආණමඩුව පරමා කන්ද ගිලින එක කජ්ජක්ද ? බැසිල් රාජපක්ෂලා දහයක් ආවත් අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි බැසිල් රාජපක්ෂලාගේ කාලයේ කරපු දේවල් එකක්වත් අපි නොකරන බවට කරන චෝදනාව මම පිළිගන්නවා.
අපි කොමිස් ගන්නේ නෑ. කප්පම් ගන්නේ නෑ. පුද්ගලයෝ පැහැර ගන්න සුදු වෑන් යවන්නේ නෑ. පුද්ගලයන් පැහැර ගෙන ගිහින් ඝාතනය කරන්නේ නෑ. අතුරුදන් කරන්නෙ නෑ. ඉතින් ඒ එකක්වත් අපි කරන්නෙ නෑ. අපි සංවර්ධන ව්‍යාපෘතියක් කරනවා කියලා එමඟින් යටි මඩි ගහන්නේ නෑ. අපි කිසිම ව්‍යාපෘතියක් බලහත්කාරයෙන් කරන්න යන්නෙ නෑ. ජනතාවගේ හදවතත් එක්ක අපි වැඩ කරන්නෙ. ඒ නිසා බැසිල් රාජපක්ෂ කර තිබෙන ප්‍රකාශය බොහොම නිවැරැදියි. ඔවුන් කරපු අවිනීත වැඩ එකක්වත් අපි කරන්නෙ නෑ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජය වෙලා පාක්ෂිකයන් අමාරුවේ වැටුණු වෙලාවෙ ඔවුන්ව දාලා රටින් පැන යන මිනිහා නායකයෙක් නොවෙයි. බැසිල් කියන්නෙ ජනාධිපතිවරණයෙන් තම සහෝදරයා පරාජය වූ අවස්ථාවේ සියලු දෙනාටම හොරෙන් රටින් පැනලා ගිය පුද්ගලයෙක්. ඔහු පාවා දෙන්නෙක්. ඔහු තමයි දේශපාලන ඉතිහාසයේ ලොකුම පාවා දීම කළේ.

ජනාධිපතිවරණය අවසන් වූ වහාම සිය පාක්ෂිකයන්ව මේ රටේ අතරමං කර පැන ගිය ඔහු නායකයෙක්ද? එවැනි නායකයෙක් සමඟ එකතු වී දේශපාලනය කරන්න තරම් මෝඩ මිනිස්සු පිරිසක් මේ ලංකාවේ ඉන්නවද? ජනතාව මේ ගැන කල්පනා කර බැලුව නම් හොඳයි.
එදා රතුපස්වල ජනතාව පිරිසුදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කරද්දී රාජපක්ෂ ආණ්ඩුවේ මහ අයගේ අණ පිට ශිෂ්‍යයන් දෙදෙනකු ඇතුළු තිදෙනකුට වෙඩි තියලා මරා දැමුවා. හලාවත – ඉරණවලදී ධීවර උද්ඝෝෂණයකට සහභාගි වූ ධීවරයකුට වෙඩි තබා මරා දැමුවා. කටුනායකදී සේවකයකුට වෙඩි තබා මරා දැමුවා. ඒවට විරුද්ධව කතා කළ පුද්ගලයෙක් හිටිය නම් ඒ මනුස්සයාව සුදු වෑන්වලින් පැහැර ගෙන ගියා.

එසේ පැහැර ගෙන ගිය මිනිස්සුන්ට අදටත් වෙච්ච දෙයක් නෑ. අද මේ රටේ එහෙම තත්ත්වයක් තියෙනවද?

හම්බන්තොට – මත්තල ගුවන්තොටුපොළ පිහිටි ප්‍රදේශයේ උද්ඝෝෂණය නොකරන ලෙසට පොලිසිය නොවෙයි නියෝග දුන්නෙ අධිකරණය. එහෙම තියෙද්දී උද්ඝෝෂණයට ජනතාව රැගෙන ගියේ නාමල් බේබිල. ඒගොල්ලො මිනිස්සු අරන් ගිහින් බිල්ලට දීල දැන් වෙන කතන්දර කියල වැඩක් නෑ. පොලිස් නිලධාරියකු තරුණයකුට ගැසූ බව කියන කනේ පාර නාමල්ලට කාලා, කනේ පහර කෑ පුද්ගලයාව බේර ගන්න තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here