මහ බැංකු ලොක්කන්ට ඇලෝසියස් කෝටි ගණන් පගා දීලා

0
400

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට බැඳුම්කර වෙන්දේසිවලදී රුපියල් කෝටි දහස් ගණන් ලාබ ලබාගන්නට මහ බැංකුව ඇතුළතින්ම ලබාදුන් රහස්‍ය තොරතුරු ඉවහල් වූ බවත් ඒ සඳහා උදවු කළ නිලධාරීන්ටද රුපියල් කෝටි ගණන් අල්ලස් ලබා දීමට වැඩ පිළිවෙළක් ඇලෝසියස් ක්‍රියාත්මක කළ බවත් ඊයේ ජනාධිපති කොමිසම හමුවේදී සාක්ෂි දුන් එම සමාගමේ ප්‍රධාන ගැනුම්කරු නුවන් සල්ගාදු කියා සිටියේය.

එලෙස රහස්‍ය තොරතුරු ලබාදෙන කිහිපදෙනා හට සිදු කරනු අල්ලස් ගෙවීම් පිළිබඳව සටහන් තබනුයේ ඔවුන්ගේ නියම සැබෑ නම්වලින් නොවන බවද ඒ වෙනුවට “ලිට්ල් ජොනී”, “චාර්ලී” “ඛාන්” “ටැන්ගෝ” යනාදී වශයෙන් සුවිශේෂී රහස් පද ඒ සඳහා භාවිත කරන ලද බවද සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේය.

කොතරම් වූ විශාල “අල්ලස්” ප්‍රමාණ ඔවුන්ට ගෙවනු ලැබුවා දැයි නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ 2015 වසරේදී පමණක් “චාලී” නමින් හැඳින්වූ අර්ථසාධක අරමුදලේ භාණ්ඩාගාර අංශයේ ප්‍රධානියාට පමණක් රුපියල් කෝටි 10කට ආසන්න (මිලියන 97ක්) මුදලක් අල්ලස් වශයෙන් ගෙවන ලද බවද ඔහු හෙළි කළේය.
2015 මාර්තු මස 02 වැනි දින පමණක් ඔහුට රුපියල් ලක්ෂ 32ක (මිලියන 3.2ක) අල්ලස් මුදලක් ගෙවනු ලැබූ බවද ඔහු කියා සිටියේය.

තවද එලෙස අල්ලස් ලැබූවන් අතර “ලිට්ල් ජොනී” යන නමින් හැඳින්වූයේ සේවක භාරකාර අරමුදලේ කවීන් කරුණාමූර්ති නම් අයද සිටි බවත් ඔහු වැඩිදුරටත් හෙළි කළේය.

උදයසීලන් හා සමන් කුමාර යන දෙදෙනාද ඒ අතර වූ බවද ඔහු තවදුරටත් හෙළි කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here