බැඳුම්කර වංචාව හා එජාපය අතර ඇති සම්බන්ධය ජනපති කොමිසමට රනිල් හෙළි කළ යුතුයි

0
400

මහ බැංකු බැඳුම්කර වංචාව හා එක්සත් ජාතික පක්ෂය අතර පැවැති සම්බන්ධය කුමක්දැයි අගමැති රනිල් වික්‍රමසිංහ වහාම බැඳුම්කර පිළිබඳ ජනපති කොමිසමට ප්‍රකාශ කළ යුතු බව දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු, ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රි වසන්ත සමරසිංහ පවසයි.
සමරසිංහ මහතා පවසන්නේ මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ ප්‍රකාශ ලබා ගැනීමට එ.ජා.ප. උප නායක හිටපු මුදල් ඇමැති රවි කරුණානායකත්, පක්ෂ මහලේකම් කබීර් හෂීම් හා පක්ෂ සභාපති මලික් සමරවික්‍රම යන ඇමැතිවරුන් කොමිසමට කැඳවූ අතර පක්ෂ නායක ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ මොහොතේ කළ යුතු වන්නේ තමාත් තම ගෝලයන් අතර පැවැති ගනුදෙනු රටටම හෙළි කිරීම බවයි.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ දූෂිත ගනුදෙනුවලට සම්බන්ධ මේ පිරිසෙන් ඉදිරියේදී හෝ රට බේරා ගත යුත්තේ කෙසේදැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කළ යුතුව ඇති බවද මන්ත්‍රිවරයා පැවැසීය.

සිංගප්පූරු පුරවැසියකු වූ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මහ බැංකුවට අත ගැසූ සේම එක්සත් ජනපද පුරවැසියකු මෙන්ම මන්ත්‍රි රවි කරුණානායකගේ ගජ මිතුරු ෂලීල මුණසිංහ තායිවාන බැංකුවට අත ගසන්නේත් එ.ජා.ප. ප්‍රබලයන්ගේ සහාය ඇතිව බව සමරසිංහ මහතා පෙන්වා දුන්නේය.
එම නිසා අගමැති රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයා ලෙස වහාම තම ස්ථාවරයත්, බැඳුම්කර වංචාවට සම්බන්ධ වූ ආකාරයත් පිළිබඳ රටට පැවැසිය යුතු බව ඒ මහතා වැඩිදුරටත් කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here