පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ 2018 අය-වැය විසර්ජන පනත් කෙටුම්පතින් ජනාධිපතිවරයාගේ වියදම් ගිය වසරට වඩා රුපියල් මිලියන 3527කින්ද අග්‍රාමාත්‍යවරයාගේ වියදම් රුපියල් මිලියන 517කින්ද ඉහළ දමා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.
දිසානායක මහතා පවසන්නේ ආණ්ඩුවේ ණය ගැනීමද රුපියල් කෝටි 1,80,000කින් ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ 2017 වියදම් ලෙස වෙන්කර තිබුණේ රුපියල් මිලියන 6459ක් වන අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වියදම් සඳහා රුපියල් මිලියන 1254ක් බව මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.
දිසානායක මහතා පවසන්නේ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයට මේ වසරේ වෙන්කොට තිබූ රුපියල් බිලියන 51, 2018 වසර වනවිට බිලියන 41 දක්වා පහත දමා ඇති බවත්, ඒ අනුව රුපියල් මිලියන 9162ක් කප්පාදු කර ඇති බවත්ය.
අය-වැය පනත් කෙටුම්පත හරහා ආණ්ඩුව ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරනවා වෙනුවට ආණ්ඩුවේම සුඛවිහරණය වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කර ගන්නා බවට ඔහු චෝදනා කළේය.