පුරවැසි බලය මෛත්‍රි හමුවෙන්න සූදානම් වෙයි.

0
652

ජනාධිපතිවරණයට පෙර ඇති කරගත් සම්මුතිය ප්‍රකාරව කටයුතු නොකර සිය අපේක්ෂා බිඳ දැමීම ගැන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ලබන බදාදා (11දා) හමුවී මුහුණට මුහුණ සාකච්ඡා කිරීමට පුරවැසි බලය සංවිධානය සූදානම් වෙයි.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට පත්වීමට පෙර ජනාධිපතිවරණ සමයේ ඇතිකර ගත් සම්මුතිය ඒ අයුරින්ම ඉටු නොකිරීම සම්බන්ධයෙන් සිය සංවිධානය කලකිරීමට පත්ව ඇතැයි එහි සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය පවසයි.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම හා නව ව්‍යවස්ථාව සම්මත කිරීම ඇතුළු ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, ඉකුත් ආණ්ඩුවේ හොරකම්, දූෂණ හා මැරකම්වලට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදීම යනාදී සම්මුතියේ ප්‍රධාන කරුණු මෙතෙක් නිසි පරිදි ඉෂ්ට නොවීම ගැන සාකච්ඡා කිරීමට කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර ලැබී නැති බවද හෙතෙම කීය.

විවිධ සංශෝධන ඉදිරිපත් කරමින් පළාත් පාලන හා පළාත් සභා ඡන්ද කල් නොදමා හැකි ඉක්මනින් ඡන්ද විමසීම් පවත්වන ලෙස මීට පෙර අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයාට පවසන ලද බවත් අත්‍යවශ්‍ය සංශෝධන සම්මත කරගත් පසු ඡන්ද පවත්වන බවට ඔහු ප්‍රකාශ කළ බවත් පැවැසූ සමන් රත්නප්‍රිය මෙවර හමුවූ විට ඒ ගැන වැඩිදුර සාකච්ඡා කරන බවත් පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here