RK රවී ද AM මහේන්ද්‍රන් ද පර්පෙචුවල්හි ලිපි ගොනු 2ක්‌ ගැන දප්පුල ද ලිවේරා ප්‍රශ්න කරයි

0
898

තම බෑණනුවන් වන අර්ජුන් ඇලෝසියස්ට ලැබුණු කෙටි පණිවුඩවල “A.M.” යනුවෙන් හා “R.K.” යනුවෙන් දක්වා ඇත්තේ කවුරුන්දැයි තමා නොදන්නා බව කොමිසම හමුවේ කියා සිටි හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට “Arjuna and Ravi K” යනුවෙන් දැක්වෙන තවත් කෙටි පණිවුඩ දෙකක් පෙන්වා සිටි අවස්ථාවේ එහි සඳහන්ව ඇත්තේ තමාත් රවි කරුණානායකත් බව පිළිගන්නට සිදුවිය.

මහේන්ද්‍රන් විසින් ‘ඉටුකළ යුතු කාර්යයන්’ ඇතුළත් TO-DO LIST යනුවෙන් ලිපිගොනු දෙකක් ඇලෝසියස් ළඟත් මහේන්ද්‍රන් ළඟත් පවත්වාගෙන ගිය බව පිළිගන්නේ දැයි ජේ‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා නැඟූ ප්‍රශ්නයකට ඔහුගෙන් ලැබුණ පිළිතුර වූයේ තමා එවැන්නක් නොදන්නා බවය.

තවත් කෙටි පණිවුඩ 05ක් ඔහුට ඉදිරිපත් කරමින් ඇලෝසියස්ගේ දුරකතනයට ලැබී ඇති එම පණිවුඩවල “Flower Road Residence” යනුවෙන් සඳහන් වන්නේ තමාත් තම බෑනා වන ඇලෝසියස් යන දෙදෙනාම පදිංචිව සිටින නිවහන මිස වෙනත් ස්ථානයක් විය හැකි දැයි කරන ලද විමසුමට සාක්ෂිකරු නිරුත්තර විය.
රෑ 10.00ට “රවි – කේ” සමඟ රැස්වීමක් ගැනත්, සවස 5.30ට ඔබ හා රවි කරුණානායක මුදල් ඇමැතිවරයාගේ උපදේශක ලසන්ත සෝමරත්නත් සමඟ සාකච්ඡාවක් ගැනත්, ඔබත්, රවි කරුණානායකත් පැමිණෙන තුරු සභාපතිවරයා බලාසිටින බවට ඇලෝසියස්ගේ පෞද්ගලික සහකාර ස්ටීව් සැමුවෙල් ඇලෝසියස්ට යවන ලද කෙටි පණිවුඩයත් යන පණිවුඩ අනුව තමා මීට පෙර දිනයේ බෑණාත් තමාත් අතර කිසිදු ව්‍යාපාර ගනුදෙනුවක් කතා බහ කරන්නේවත් නැති බවට කළ ප්‍රකාශය “සද්දන්ත බොරුවක්” නොවේ දැයි දප්පුල ද ලිවේරා මහතා සාක්ෂිකරුගෙන් විමසා සිටියේය.

එයටද හිටපු මහ බැංකු අධිපතිවරයාගේ පිළිතුර වූයේ “මා එකඟ වන්නේ නෑ” යන්නමය.
තමා මහ බැංකු අධිපති වූ දින සිට බෑණාගේ පර්පචුවල් සමාගමට රුපියල් කෝටි දහස් ගණන්වලින් ලාබ ලැබුණේ කෙතරම් නින්දිත ආකාරයේ කූට උපක්‍රම භාවිත කිරීමෙන්ද යන්නත්, ඒවාට හවුල් වූයේ කවුරු කවුරුන්ද යන්නත් පෙර දින සාක්ෂියේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නමද සඳහන් කිරීමෙන් පැහැදිලි වන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here