බලය බෙඳීම හැඳින්වීම සඳහා යොදාගන්නා ෆෙඩරල් , ඒකීය යන නාමයේ නොව වැදගත්කමක් පවතින්නේ ආණ්ඩුවට ඇති බලතලවල බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (04) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් යම් ගුණාංගයන්ගේ යම් වෙනස්කම් කිරීමට සිදු වුවහොත් පමණක් ජනමත විචාරණයකට යා යුතු බවත් එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරන්නක් බවත් අමාත්‍යවරයා මාධ්‍යවේදීන් නැඟු ප්රශ්නයන් ට පිළිතුරු ලබාදෙමින් පැවසීය.
නව ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ අතුරු වාර්තාවේ පවතින්නේ එක එක පක්ෂයෙන් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවන් බවත් එම කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාද පැවැත්වීමෙන් අනතුරුව කෙටුම්පත් කිරීම සඳහා එම යෝජනා ඉදිරිපත් කරන බවත් පෙන්වාදුන් කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1978 වසරේ සිටම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු ය යන තීරණයේ සිටි බවත් වත්මන් රජය ද එම තීරණයේ ම සිටින බවත් පෙන්වාදුනි.
වත්මන් ජනාධිපතිවරයා ද විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතුය යන තීරණයේ පසුවන අතරම එතුමා ඒ බව පොරොන්දු වී ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුනි.