පෞද්ගලික මතය අනුව තීරණ ගන්න එපා

0
725

රටක අනාගතය පිළිබඳව තම පෞද්ගලික මතය අනුව තීරණය නොගන්නා ලෙස මල්වතු මහානායක හිමියන්ගෙන් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ඉල්ලීමක් කරයි.

තමාද මල්වතු පාර්ශවයේ භික්ෂූන් වහන්සේ නමක් වන බවත් අතුරු වාර්තා නිවැරදිව අධ්‍යනය කර බලා ඒ පිළිබඳ නිවැරදි අවබෝධයක් ගන්නා ලෙස ද උන්වහනසේ ඉල්ලා සිටියි.

උන් වහන්සේ මේ බව පැවසූවේ ඊයේ (03) “එළිය“ සංවිධානය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

සමහර භික්ෂුන් වහන්සේලා පසුගිය කාලයේ ජනතා අප්‍රසාදයට පත්වු බවත් මල්වතු හිමියන්ට එවන් අභාග්‍ය තත්ත්වයක් අත්වීමට පෙර මෙම තත්ත්වය නිවැරදිව සොයා බලා කටයුතු කරන ලෙස ද අභයතිස්ස හිමියෝ පැවසූහ.

කෙසේ වෙතත් ලංකාව නව ව්‍යවස්ථාව හරහා ෆෙඩරල් ආණ්ඩුවක් බවට පත් කිරීමට ‘යුනිටරී‘ යන වචනය සමඟ රජය උත්සහ ගන්නා බව පෙනී යන බව ද උන්වහන්සේ සඳහන් කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here