පොදු සන්ධානයක් යටතේ වෙනම සලකුණකින් පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට අවසන් තීරණයක් ගැනීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් විජයාරාම පිහිටි ඔහුගේ නිල නිවෙසේදී හෙට (3දා) පැවැත්වීමට නියමිතය.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ රැසක නායකයන් සහ ඒකාබද්ධ විපක්ෂ මන්ත්රි කණ්ඩායම ඇතුළු ක්ෂේත්ර ගණනාවක නියෝජිත පිරිසක් මේ සාකච්ඡාවට සහභාගි වීමට නියමිතය.