කතානායක කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් යුතු පාර්ලිමේන්තුවේ සියළු පක්ෂ වල මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමක් මේ දිනවල ඇමරිකාවේ වොෂින්ටන්හි නිල සංචාරයක යෙදේ.
මේ පිරිසට ජවිපෙ විජිත හේරත්, ශ්‍රීලනිපයේ නිමල් සිරිපාල ද සිල්වා, ඒකාබද්ධයේ කුමාර් වෙල්ගම, එජාපයේ රංගේ බණ්ඩාර, ටීඑන්ඒ හි සුමන්තිරන් මැති ඇමැති වරුන්ද, පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල , විදේශ අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කෙෂාප් මහත්වරුන් ද අයත් වෙති.
සියල්ලෝම සුහදව කතාබහ කරමින් සිටින අතරතුර පසුගියදා පාර්ලිමේන්තුවේ සිදු වූ සිදුවීම පිළිබඳව වෙල්ගම මහතා නියෝජිත කණ්ඩායම හමුවේ අදහස් දක්වා තිබේ.
පළාත් සභා ඡන්දය කොට්ඨාශ ක්‍රමයට පැවැත්වීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ඡන්ද විමසීමේදී ඒකාබද්ධ විපක්ෂය කටයුතු කළ ආකාරයේ වරදක් වූ බව වෙල්ගම මහතා පිරිසට පවසා ඇත.
මේ පිළිබඳ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ සාකච්චා කර ඡන්දය ලබාදීමට හැකිවූවා නම් එය හොඳ බවත්,එලෙස සිදුකිරීමට නොහැකි වීම සම්බන්ධ සිය කණගාටුවද වෙල්ගම මහතා පළකර ඇතැයි සඳහන්.