සහල්, ලොකු ළුනු, අර්තාපල්,පොල් රජයෙන් විශේෂ අඩු මිලක් යටතේ පාරිභෝගිකයන්ට

0
671

මේ දින වල විවෘත වෙළඳ පොලේ සහල්, ලොකු ළුනු, අර්තාපල් වල මිල ගණන් ඉහළයාම මුල් කොට ගෙන  සතොස මගින් අලෙවි කරන ලබනු එම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය විශේෂ අඩු මිලක් යටතේ පාරිභෝගිකයන්ට ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය රීෂාඩ් බදුර්දීන් මහතාට උපදෙස් දී ඇත.

එමෙන්ම සතොස මගින් මෙම භාණ්ඩ ජනතාව අතට පත්කිරීමේ යාන්ත්‍රණය වඩාත් විධිමත් කරන ලෙසද ජනාධිපති වරයා මෙහිදී උපදෙස් දී ඇත.

එමෙන්ම මේ දින වල වීවෘත වෙළදපොලේ පොල් මිල අධික ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන ලෙස ජනාධිපතිවරයා පොල් වගා කිරීමේ මණ්ඩලයට උපදෙස් ලබා දී ඇති අතර ඔක්තෝබර් දෙවෙනිදා සිට ජංගම රථ මගින් පොල් වගා කිරීමේ මණ්ඩලය පොල් සිල්ලරට අලෙවි කිරීමේ යන්ත්‍රණයක් ද ඇරඹීමට නියමිතය.

වෙළඳ ඒකාධිකාරයට අවශ්‍ය පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ ඉහළ නැංවීමට රජය කිසිසේත් ඉඩ නොතබන බව පැවසූ ජනාධිපතිවරයා එහිදී ජනතාව වෙත සහන සැලසීම පිණිස අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළ හෙළීම රජයේ වගකීමක් බවද ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here