බුද්ධාගම වෙනස් වෙලාද? රට බෙදෙනවද? බලන්න.

0
874

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවට ඇතුළත් කොන්දේසිවලට ජාතික රජයේ ප්‍රධාන පක්ෂ දෙක එකඟ වන්නේ නම් තමන්ද ඊට එකඟ වන්නට කැමති යැයි ද්‍රවිඩ ජාතික සන්ධානය ලිඛිතව අනුමැතිය පළකර තිබේ.

බෙදා වෙන් කළ නොහැකි ඒකිය ශ්‍රී ලංකාවක් පිළිගැනිමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුවේ සියළු සාමාජිකයන් සුදානම් යැයිද අතුරු වාර්තාවේ වැඩිදුරටත් සඳහන්වේ.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව කමිටු සභාපති අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ දින සභාගත කරනු ලැබු අතර එම වාර්තාවට පහත කරුණු ඇතුළත්ව තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සභාපතිත්වය දරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා (ශ්‍රීලනිප), දිනේෂ් ගුණවර්ධන (ඒකාබද්ධ විපක්ෂය), අමාත්‍ය රාවුෆ් හකිම් (ශ්‍රී.ල.මු.කො), ඩග්ලස් දේවානන්දා (ඊ.පි.ඩි.පි) සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල (එ.ජා.ප), අනුර දිසානායක (ජ.වි.පෙ), අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් (ශ්‍රීලනිප), රිෂාඩ් බදියුදින් (සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය), අමාත්‍ය පාඨලි චම්පික රණවක (ජා.හෙ,උ), අමාත්‍ය ඩි.එම්. ස්වාමිනාදන් (එජාප), අමාත්‍ය මනෝ ගනේෂන් (ප්‍රජාත්‍රන්ත්‍රවාදි ජාතික පෙරමුණ), අමාත්‍ය මලික් සමරවික්‍රම (එජාප), රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා (ශ්‍රීලනිප), විජයදාස රාජපක්ෂ (එජාප), බිමල් රත්නායක (ජවිපෙ), එම්.ඒ. සුමන්තිරන් (දෙ.ජා.ස), ප්‍රසන්න රණතුංග (ඒකාබද්ධ විපක්ෂය), ආචාර්ය ජයම්පති වික්‍රමරත්න (එජාප),දොස්තර තුසිතා විජේමාන්න (එජාප) යන මහත්ම මහත්මින්ය.

ශ්‍රී ලංකාව නිදහස් ස්වෛරී හා ස්වාධින ජනරජයක් වනු ඇති අතර ව්‍යවස්ථාවෙන් නියම කර ඇති බලතල ක්‍රියාත්මක කරන මධ්‍යම හා පළාත් බද ආයතනවලින් සමන්විත වන ඒකීය රාජ්‍යයක් – ඔරුමිත්තනාඩු වනු ඇත සහ මෙම ව්‍යවස්ථාවේ ඒකීය රාජ්‍ය – ඔරුමිත්තනාඩු යනුවෙන් හදුන්වන්නේ නොබෙදුනු සහ බෙදිය නොහැකි , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඕනෑම සංශෝධනයක් සඳහා හෝ එය පරිචින්න කොට ඒ වෙනුවට වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තැනිම සඳහා වන බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පාර්ලිමේන්තු සහ (අදාළ තැන්හි) ශ්‍රී ලංකාවේ ජනතාව වෙත පවතිනු ඇති රාජ්‍යයක් වනු ඇත යන්නද මෙහෙයුම් කමිටු වාර්තාවට ඇතුළත් කර පවතියි.

ශ්‍රී ලංකාව එක් නොබෙදූ සහ බෙදිය නොහැකි රටක් වනු ඇතැයිද අතුරු වාර්තාවේ දෙවෙනි වගන්තියේ සඳහන්ය.

එසේම රටින් වෙන්ව යාම රට බෙදිම වැළැක්විම සඳහා වන විශේෂිත විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇත ලෙස එහි තෙවෙනි වගන්තියේ සඳහන්ය.

බලය බෙදාහැරිම උපරිම මට්ටමෙන් බෙදෙනු ඇතැයි එහි සඳහන්ව ඇත්තේ හතරවන වගන්තිය ලෙසය.

ශ්‍රී ලංකාව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය යන වගන්තිය මෙහෙයුම් කමිටු වාර්තාවේ ඇතුළත්වෙයි. එසේම ශ්‍රී ලංකාව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය එහෙයින් සියලූ ආගම් හා විශ්වාසයන්ට ගෞරවයෙන් හා අභිමානයෙන් සලකමින් හා වෙන්කොට සැලකිමකින් තොරව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සියලූම පුද්ගලයන්ට සහතික කරමින් බුද්ධ ශාසනය සුපෝෂිත කොට පෝෂණය කිරිම රජයේ වගකිම විය යුත්තේය යන වගන්තිය ඇතුළත් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්තාවේ දෙමළ ජාතික සන්ධානයේ අදහස් දක්වමින් සිංහල පරිවර්තනයේ දක්වා ඇත්තේ අතුරු වාර්තාවේ ප්‍රකාශිත මුලික ප්‍රතිපත්ති ප්‍රධාන පක්ෂ දෙකට පිළිගත හැකිවන්නේ නම් පිළිගත හැකි එකඟතාවයට පැමිණිමට ඉඩ සැලසිම සඳහා ඒවාට එකඟවිම සලකා බැලිමට ද්‍රවිඩ ජාතික සන්ධානය කැමැත්තෙන් සිටි ලෙසය.

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් යන මහත්වරු ද්‍රවිඩ ජාතික සන්ධානයේ ස්ථාවරය සඳහන් ලිපියට අත්සන් තබා තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු සාමාජිකයන් විසින් ඉදිරිපත් කරනු ලැබු නිරික්ෂන ඇතුළත් ලේඛන 8 ක්ද වාර්තාවට ඇතුළත්ව පවතියි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්තාවේ සිංහල පරිවර්තනය පිටු 85 කින් සමන්විත වන අතර එය කෙටුම්පතක් පමණකැයි ද නෛතික ලියවිල්ලක් නෙවන්නේයැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.

මෙහෙයුම් කමිටු වාර්තාව ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ අවසන් ලේඛනය සකස් කරන්නේ ජනතා සංවාදයකට භාජනය කිරිමෙන් පසුව බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව ඉදිරිපත් කිරිමට ප්‍රථම කමිටුව 73 න් වාරයක් රැස්ව ඇති බවද එහි සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here