පළාත් සභා පනත සංශෝධනය පිලිබඳ ඡන්ද විමසීම අවස්ථාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර මහතා ඡන්දය ප්‍රකාශ නොකර පාර්ලිමේන්තුවේ යම් ස්ථානයක සැඟවී සිටියේද යන්න පිළිබඳව වහාම සොයා බැලීමට තීරණය කර තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරයෙකු දුලිප් විජේසේකර මහතාට දුරකථන ඇමතුමක් ලබාගත් අවස්ථාවේ ඔහු පාර්ලිමේන්තුව අභ්‍යන්තරයේ සිටින බවට දැනුණු බවට අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ.
නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර මහතා පාර්ලිමේන්තුවෙන් පිටව ගිය වේලාව සොයා බලා දැනුම් දෙන්නැයි ජනාධිපති කාර්යාලය දැනුම් දීමක් සිදුකර ඇත.