සියලු දෙනාගේ එකඟතාවයෙන් අවුල විසඳුනා

0
708

ලංකා විදුලි බල මණ්ඩලයේ වසර ගණනාවක් තිස්සේ පැවති ආරවුලක්, නොසන්සුන්තාවක් සියලු දෙනාගේ එකඟතාවයෙන් ඊයේ දිනයේදී විසඳුනු බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති  අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, විදුලිය සුරකිමු තේමාව යටතේ අද (21) පෙරවරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පාසල් දරුදැරියන් අතර පැවති චිත‍්‍ර තරගයේ ජයග‍්‍රාහකයන් වෙනුවෙන් ත්‍යාග පිරිනැමීමේ අවස්ථාවට සහ චිත‍්‍ර ප‍්‍රදර්ශනයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“ලංකා විදුලිබල මණ්ඩලයට මෙන්ම රටට ඊයේ සහ අද සුවිශේෂි ඓතිහාසික දවසක්. වසර ගණනාවක් තිස්සේ තිබුණ ආරවුලක්, නොසන්සුන්තාවක් සියලු දෙනාගේ එකඟතාවයෙන් ඊයේ විසඳුනා. එකම ආයතනයක දෙපිරිසක් අන්ත දෙකක ඉදගෙන මත දෙකක ඉන්නකොට රටේ අත්‍යාවශ්‍ය සේවාවක් සපයන ආයතනයක් හැටියට ඒ ආයතනයේ කළමණාකාරීත්වය විශාල අපහසුවකට පත්වෙනවා. හැබැයි අපට පුළුවන් වුණා, සියලුදෙනා සමගම සාකච්ඡා කරලා, වැඩි දෙනෙක් එකඟවන විසඳුමකට එන්න. ආයතනයක වැදගත්ම සාධකය වන්නේ තෘප්තිමත් සේවකයා. ලංවිම සේවකයන්ට අද ඒ තෘප්තිමත්භාවය ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඇමතිවරයාගේ පටන් ලංවිම සියලුම නිලධාරින්ට විශේෂ වගකීමක් පැවරෙනවා ඒ තෘප්තිමත් භාවය තුළින් වැඩි වැඩියෙන් ජනතාවට සේවය කරන්න. ඒ වගේම අපේ ඉලක්ක කරා විදුලිබල ක්ෂේත‍්‍රය රැගෙන යන්න”

“විදුලිය ඉතිරි කිරීම ඉතා වැදගත්. පිටරටට ඇදි යන මුදලින් 40%ක් වැය වන්නේ ඉන්ධන සඳහා. එයිනුත් අඩක් පමණ වැය වන්නේ විදුලිය නිෂ්පාදනයට. වියළි කාලගුණික ත්ත්වයන් හමුවේ අපි විශාල සටනක් කරනවා විදුලිය නිපදවන්න. මේ නිපදවන විදුලියෙන් විශාල ප‍්‍රමාණයක් විවිධ ක‍්‍රමවේදයන් මත ඉතිරි කරන්න පුළුවන් කියලත් අපි දන්නවා. අපේ ඉලක්කයක් තියෙනවා මෙගාවොට් 500 ක් ඉතිරි කරන්න. ඒ සඳහා අපි පළමුව ළමුන්ගේ මනස හැඩගැස්විය යුතුයි. ඒ සඳහා හොඳම ක‍්‍රමවේදය තමයි ඔවුන් තුළින්ම නිපදවෙන වැකි තුළින් සහ චිත‍්‍ර තුළින්. මේක සාමාන්‍ය චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් නෙමෙයි. ඒ නිසා මේ පණිවිඩය මෙතනින් නොනැවති ජාතිය දිනවන්න කොටස් කරුවන් වෙන්න කියලා මම ආරාධනා කරනවා” යැයි පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here