දුම්රිය දෙපාර්තමේන්තුවේ රියැදුරන්, ස්ථානාධිපතිවරුන්, නියාමකවරුන් සහ පාලකවරුන් පෙරදින (20දා) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක් පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය අත්හිටුවා තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20දා) උදෑසන පැවැති සාකච්ඡාවෙන් අනතුරුව වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සංවිධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පැවැසීය.
දීර්ඝ කාලයක් පුරා පැවැති වැටුප් විසමතාවට විසඳුම් ලබාදෙන ලෙසට බලකෙරෙමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබිණි.
මේ ගැටලුවට මාසයක් ඇතුළත විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවට මේ සාකච්ඡාවේදී ලිඛිතව වෘත්තීය සමිති වෙත දැනුම් දීමක් කර තිබේ.
ඒ අනුව වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සංවිධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න වැඩිදුරටත් සඳහන් කළේය.