ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා මැද පළාත් සභා ඡන්ද විමසීමේ සංශෝධිත පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය පාර්ලිමේන්තුවේදී අද ආරම්භ වුණා.එහෙත් දිගින් දිගටම එල්ල වූ බාධා කිරීම් හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු කල් තැබීමට කතානායකවරයා තීරණය කළේය.
කාන්තා නියෝජනය 30% දක්වා අනිවාර්ය කිරීම මෙහි ඇතුළත් ප්රමුඛ කරුණක් වේ.කෙසේ වෙතත් පනත සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර දැක්වීමට දෙමළ ජාතික සන්ධානය ක්‍රියා කළා.සුමන්තිරන් මන්ත්‍රීවරයා අදහස් පලකරන අවස්ථාවේදීද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට බාධා කලා.
එහිදී සුමන්තිරන් මන්ත්‍රීවරයා කියා සිටියේ සී.බී. රත්නායක මන්ත්‍රීවරයා ඔළුව පහත් කර ගෙන සභාවට නුසුදුසු වචන ප්‍රකාශ කරන බවයි.මෙම වචන හුවමාරුව උණුසුම් වීම හේතුවෙන් පාර්ලිමේන්තුව අධ්‍යනය කිරීම සඳහා ගැලරියේ අසුන්ගෙන සිටි පාසල් සිසුන් පවා ඉවත් කිරීමට කටයුතු කර තිබුණා.