දුම්රිය වර්ජනය අද මධ්‍යම රාත්‍රියේ සිට

0
777

දීර්ඝ කාලයක් පුරා පවතින වැටුප් විෂමතාවට විසඳුම් ලබා නොදීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරුන්, නියාමකවරුන්, පාලකවරුන් අද (20දා) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කොට තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන්ට බලපා තිබෙන වැටුප් විෂමතාව පිළිබඳව වැටුප් කොමිසම සමඟ සාකච්ඡාවක් ඊයේ (19දා) ජාතික වැටුප් කොමිෂන් සභාවේ සභාපතිවරයා සමඟින් පැවැත්වූ බවත් එම සාකච්ඡාව අසාර්ථක වූ බැවින් මෙම තීරණය ගත් බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂක නිලධාරීන්ගේ වෘත්තීය සමිති සංවිධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා  පැවැසීය.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ රියැදුරන් නියෝජනය කරන සංගම් තුනකට අදාළ දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියාමකවරුන්, පාලකවරුන් මෙම වැඩ වර්ජනයේ නිරත වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here