පළාත් සභා මැතිවරණ සංශෝධන විවාදය දැන් පාර්ලිමේන්තුවේ පැවැත්වේ. එම විවාදයට එක්වූ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා මෙම යෝජනාව සම්මත වූ විට ඊළඟ පළාත් සභාවේ සිට කාන්තාවන්ට 25%ක නියෝජනයක් ලැබෙනවා. මෙය පාර්ලිමේන්තුවට ආඩම්බර විය හැකි පනත් කෙටුම්පතක් බව පැවසීය.
ඒ අවස්ථාවේ නියෝජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සුදු පැහැති පුවරු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියන් වෙත බෙදා හරිනු දක්නට ලැබිණි.
මානව ක්‍රමය තුළ දේශපාලන ක්‍රමය තුළ කාන්තා නියෝජනය අහිමි කර තිබුණා.වෛද්‍ය වෘත්තිය, නීති වෘත්තිය තුල පරිපාලනය තුළ සිටින්නේ කාන්තාවයි. කාන්තාව වැදගත් තීරණය ගන්නවා. සෑම දේශපාලන තීන්දු ගන්න ප්‍රාදේශීය සභාවේ නගර සභාවේ පළාත් සභාවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනයක් තිබිය යුතුයි, යනුවෙන් පවසද්දී එක්වරම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියන් “කාන්තාවන්ට ඉඩක් නැද්ද?ඇයි අපට බයද”ලෙස සටහන් කරන ලද පුවරු ප්‍රදර්ශනය කරමින් නැගී සිටියා.