එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි, අරුන්දික ප්රනාන්දු පාර්ලිමේන්තුවේදී ප්රකාශයක් කර අනතුරුව ආණ්ඩු පක්ෂයේ සිට ඒකාබද්ධ විපක්ෂයට පැමිණ අසුන් ගත්තේය.
අරුන්දිකගේ ප්රකාශය අවසන් වන විට ඒකාබද්ධ විපක්ෂය මේස මතට තට්ටු කරමින් සතුට පළ කළහ. ඒ සමඟම ඔවුහු ආසනවලින් නැඟී සිටියහ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මන්ත්රිවරයා පමණක් නැඟිට්ටේ නැත. විපක්ෂයේ මුල් ආසන පෙළ අසලදී සී.බී. රත්නායක අරුන්දික පිළිගත්තේ මුහුණ සිප ගනිමිනි. අසල සිටි සෙසු මන්ත්රිහු ඔහුට අතට අත දුන්හ. අරුන්දික කෙළින්ම ගියේ මහින්ද රාජපක්ෂ සිටි ආසනය අසලටය. මහින්ද ඔහුට අත දී සුබ පැතුවේය. අරුන්දික දෑතින්ම ඒ අත අල්ලා සිය හිස පහත්කොට ආචාර කොට අසලම ආසනයේ වාඩි වුණේය.
2001 වසරේ චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපතිනිගේ ආණ්ඩුවෙන් එක්වර මන්ත්රිවරු කණ්ඩායමක් විපක්ෂයට එකතුවීමෙන් අවුරුදු පහළොවකට පමණ පසු ආණ්ඩු පක්ෂය හැර දමා විපක්ෂයට එක්වූ ප්රථම මන්ත්රිවරයා අරුන්දිකය.