2020 ජනාධිපති අපේක්ෂක නාගානන්ද කොඩිතුවක්කුගේ මැතිවරණ පොරොන්දු

0
1277

2020 ජනාධිපතිවරණ කරළියේ සිටින අපේක්ෂකයන් දෙදෙනෙකු අපට පැහැදිලිව හදුනා ගත හැකියි.මෛත්‍රීපාල සිරිසේන මහතා දැනට පවතින වාතාවරණය තුළ තරග කරන බව ඉතා පැහැදිලිය.නමුත් මේ යහපාලන මගඩියේ කෙළින පිස්සුව නිසා තවත් කෙනෙකුට අවස්ථාව ඇති බවත් පැහැදිලිය.ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාය.මේ දේවල් මෙසේ වනවිට නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාද කරළියට පැමිණෙන බවට ආරංචිවේ.ඔහුද ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට තීන්දුකොට හමාරය.

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන නීතීඥවරයෙක් ලෙස ඔහු දකින්නේ අද වනවිට ලංකාව මහත් ඛේදනීය තත්වයකට පත්ව ඇති බවයි.ඉන් රට මුදවා ගැනීමට ඔහුට සහය වන ලෙස අපගෙන් ඔහු ඉල්ලා සිටී.ඔහු පවසන ආකාරයට කවුරුන් කෙසේ කීවද අධිකරණයේ ස්වාධීනත්වයක් නැත.ලංකාව තුල ජීවත්වීම පවා මිනිසුන්ට එපා වී ඇති යුගයක තම එංගලන්ත පුරවැසිභාවය පවා අතහැර 2020 මැතිවරණයට ඉදිරිපත් වන බවට ඔහු දැඩි තීරණයකට එළබ ඇත.

ඔහු 2020 මැතිවරණය සදහා බරපතල වෙනස්වීම් රැසක් ඉදිරිපත් කර සිටිනවා.ඒවා නම්,

ඔහු ප්‍රකාශ කරන පරිදි රටේ සම්පත් වංචා කළ,හොරකම් කළ සෑම කෙනෙකු හටම (දේශපාඥකුට හෝ පක්ෂයකට)මාසයක කාලයක් ලබා දෙන අතර ඔවුන් විසින් ප්‍රසිද්ධියේ තමා කළ වංචා , දුෂණ පිළිබද පාපොච්චාරණයක් සිදුකොට නැවත ඒවා රජයට භාරදිය යුතුය.තවද අල්ලස් හා දුෂණ පනතේ 70 වන වගන්තිය ප්‍රකාරව දැනට දුෂණය සදහා පවතින අවුරුදු 10ක දණ්ඩන කාලය තමා විසින් ජීවිතාන්තය දක්වා බරපතල වැඩ ඇතිව දණ්ඩනයක් බවට පත්කරන බවයි.

එසේම ඔහු විසින් නැවත පාර්ලිමේන්තුව 125කට පත් කරන අතර කැබිනට් මණ්ඩලය 12 කට සීමා කරනු ලබයි.

ඡන්දය සදහා වෙනම මැතිවරණ කොමිසමක් පත්කරන අතර, මැතිවරණ කොමිසම විසින් සර්ව සාධාරණව
ඒ ඒ පක්ෂ සදහා කාලය වෙන්කර ලබාදුන් පසු විද්‍යුත් මාධ්‍ය වලින් ලබාදෙන අවස්ථාව හැර ප්‍රසිද්ධ රැස්වීම් පැවැත්වීම තහනම්වේ.

මන්ත්‍රීවරුන්ට හට ලබාදෙන  සියළුම දීමනා ,වාහන ආනයනය කිරීමේ බලපත්‍ර,වැටුප් ,විශ්‍රාම වැටුප්,ආදී සියළුම පසුකම් හා දීමනා අහෝසිවේ.මුදල් අවශ්‍ය නම් වියදම් කළ මුදල පමණි.ඕනෑම තැනැත්තෙකුට තමා කළ වියදම ලබාගත හැක්කේද විගණකාධිපතිවරයාගේ බලතල යටතේය.ඔහු හා එක්වන සැමට පළවෙනි අවුරුදු 5 තුළ වැටුප් හිමි නොවේ.

පාර්ලිමේන්තු මැතිවරණය සදහා අවම සුදුසුකම වනුයේ පිළිගත් විශ්ව විද්‍යාලයකින් ලබාගත් උපාධියක් හෝ ඊට සමාන සුදුසුකමකි.කිසිදු වරදකට සම්බන්ධ පුද්ගලයෙකුට මැතිවරණයකට ඉදිරිපත්විය නොහැකිය.එසේම රජයට සම්බන්ධ කිසිදු ව්‍යාපාරයකට සම්බන්ධ තැනැත්තෙකුට පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වීමටද නොහැකිය.

දැනට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයෙකු හට 35 වැනි වගන්තිය ප්‍රකාරව ලබා දී ඇති මුක්තිය අහෝසිවේ.ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12වන වගන්තිය යටතේ ප්‍රකාශිත පරිදි නීතිය ඉදිරියේ සැවොම සමාන විය යුතු බැවිණි.

ඔහු තවදුරටත් පවසන්නේ නිවට බයාදු පුද්ගලයන් ලෙස නොසිට ඔහු හා එක්ව මේ රට අගාධයට යාමට නොදී රැකගැනීමට එක්වන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here