විදුලි සේවක වෘත්තිය සමිති සහ බලධාරින් අතර පැවති සාකච්ඡා විසදුමකින් තොරව අවසන් වී තිබේ.
කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරතත්න ඊයේ(18) පස්වරුවේ විදුලිබල සේවක වෘත්තිය සමිති සමග සාකච්ඡාවක් පවත්වනු ලැබීය.
එම සාකච්ඡාවේදී සිය ගැටළු සම්බන්ධයෙන් පිළිගත හැකි විසදුමක් ලබාදීමට බලධාරින් අපෙහොසත් වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් සදහන් කළේය.
එම නිසා තමන් ඉදිරිපත් කළ යෝජනාවලට ලිඛිත විසදුමක් ලබා දෙන තුරු වර්ජනය අඛන්ඩව සිදු කරන බව රංජන් ජයලාල් සදහන් කළේය.