ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය,රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට නොදෙවැනි ආකාරයෙන් කටයුතු කරන බව ඊයේ රාත්‍රියේ හෙළි වූ බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පවසනවා.
ඔවුන් තව දුරටත් පවසන්නේ ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා ඊයේ රාත්‍රියේ කම්කරු අමාත්‍යාංශයේ පැවති සාකච්චාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ ආකාරය සම්බන්ධවත්,කම්කරු අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතාගේ තීරණයට අභියෝග කිරීමත්,වැඩවර්ජනය වසරක් පැවැත්වුවද කිසිදු ගැටළුවක් නොමැති බව පැවසීම සහ මණ්ඩලයේ සේවකයින්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ප්‍රකාශ කිරීමත් තමන් තරයේ හෙළා දකින බවයි.
අද රාත්‍රියේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවැත්වෙන සංවාදයට පැමිණීම පවා ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.