අර්ජුන් මහේන්ද්‍රන් අද බැදුම්කර කොමිසම හමුවට

0
995

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අද(19) දිනයේ බැදුම්කර කොමිසම හමුවේ පෙනී සිටිමට නියමිතව තිබේ.

අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් සාක්ෂි ලබා ගැනිමට පසුගිය 13 වන දින බැදුම්කර කොමිසම තිරණය කළ අතර ඒ අනුව ඔහුට අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කරනු ලැබීය.

අර්ජුන් මහේන්ද්‍රන් ගේ සාක්ෂිය අත්‍යාවශ්‍ය සාක්ෂියක් වන හෙයින් ඔහුගෙන් සාක්ෂි ලබා ගත යුතු බව බැදුම්කර කොමිසම තීරණය කරනු ලැබීය.

කෙසේ වෙතත් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙන්නේ ද නැද්ද යන්න පිළිබද අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වෙයි.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් කොමිසම හමුවේ සාක්ෂි ලබා නොදීමට ගත් තීරණයත් සමග අර්ජුන් මහේන්ද්‍රන් සාක්ෂි ලබාදීම පිළිබඳව ද අවිනිශ්චිත තත්ත්වයක් මතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here