අජිත් – රංජිත් නිසා රටම අවුල් වෙන්න පුළුවන්.

0
2276

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් ක්‍රියාත්මක කරනු ලබන අඛණ්ඩ වැඩවර්ජනය සදහා සැලකිය යුතු මට්ටමින් කම්කරු අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා සිදුකළ මැදිහත්වීමද මේ වන විට ව්‍යර්ථ වී තිබේ.

ඒ අද දහවල් විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය,නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා යන මහත්වරුන් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සමඟ එක්ව ගනු ලැබූ තීරණයක් හේතුවෙන්.

ඒ වර්ජනයේ නිරත සේවකයින්ගේ සේවය අත්හිටුවීමට සහ බහුතර සේවකයින් අකමැත්ත පළකරන ලද චක්‍රලේඛයක් නිකුත් කිරීම හේතුවෙන්.

හෙට මධ්‍යහ්න 12න් පසුව දැවැන්ත වෘත්තීය සටනකට එළඹීමට ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇතැයි සඳහන්.

විදුලිබල වෘත්තීය සටනට සහයෝගය දක්වමින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය දෙපාර්තමේන්තු සේවකයින්ද වැඩ වර්ජනයක නිරත වීමට සූදානම්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here