බැඳුම්කර පිළිබඳ විමර්ශනය කරන ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම ප්‍රතික්ෂේප කිරීම අර්ජුන් ඇලෝසියස් තමා චූදිතයකු බව ඔප්පු කිරීමක් බැවින් දැන් කළයුත්තේ වහාම ඔහුගේ ගුවන් ගමන් බලපත්‍ර මෙන්ම බැංකු ගිණුම්ද තහනම් කිරීම බව දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පෙන්වා දෙයි.
ඔහු පවසන්නේ ඕස්ට්‍රේලියානු පුරවැසිකම හිමි අයකු වන ඇලෝසියස් මහතාගේ ගුවන් ගමන් අත්හිටුවීමට අදාළ බලධාරීන් කටයුතු කළ යුතු බවයි.
බැඳුම්කර හරහා ඉපැයූ මුදල්වලින් කෙරෙන ගනුදෙනු හා මුදල් මාරු කිරීම් වැළැක්විය යුතු බවද ඔහු කියයි.
ඇලෝසියස් මහතාට අනුබද්ධ ආයතනවලට මුදල් මාරු කිරීමේදී හා කර්මාන්ත හරහා බදු ගෙවීමේදීත් සිදු වී ඇති වංචා පිළිබඳ කරුණු ඉදිරි දින කිහිපයේදී හෙළි කිරීමට සූදානම් බවද සමරසිංහ මහතා සඳහන් කරයි.