වංචාකාරයන්ට දඬුවම් දෙන තුරු ලං.වි.ම සේවකයන් තවමත් වර්ජනයේ

0
969

කුමන වරප්‍රසාද ලබා දෙන බවට ප්‍රකාශ කළ ද විදුලි බල මණ්ඩලයේ සිදුව ඇති වංචාවට අදාල වගකිව යුත්තන්ට එරෙහිව දඬුවම් කරන තුරු  තමන් යලි සේවයට වාර්තා නොකරන බව විදුලි  බල සේවකයින් පැවැසීය.

ලංකා විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති මේ වන විට වර්ජනයක් ආරම්භ කර ඇති අතර අද(18) මධ්‍යම රාත්‍රී සිට තාක්ෂණික ඉංජිනේරුවරු හා අධිකාරි සංගමය ද මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එක්වීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් ඊයේ(17) දිනයේ විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළේ වර්ජනයේ යෙදුණු දින දෙක සදහා වැටුප් සහිත නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බැවින් අද දිනයේ සිට සේවයට වාර්තා කරන ලෙසයි.

එහෙත් තමන් කිසිදු අවස්ථාවක ගැටළු විසදන තුරු සේවයට වාර්තා නොකරන බව වර්ජනයේ නිරත වෘත්තිය සමිති පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here