ඉදිරි මැතිවරණ කොට්ඨාස ක්‍රමයට පමණයි

0
447

රටේ පවතින මනාප දේශපාලන ක්‍රමය තුළ දේශපාලනඥයන් රට ගැන සිතීමට පෙර තම පෞද්ගලික දේශපාලන ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවත් රටේ ජනතාව බලාපොරොත්තු වන ජයග්‍රහණයන් රට වෙනුවෙන් ලබාදීමට නොහැකි වී තිබෙන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

ආණ්ඩුව තුළ සිටින ආණ්ඩුවට සහාය පළකරන ඇතැම් පාර්ශ්ව විරුද්ධ වුවද තම මූලිකත්වය මත මනාප ක්‍රමය වෙනුවට කොට්ඨාස ක්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කිරීමට හැකිවීම පක්ෂ භේදයකින් තොරව රටේ සෑම කෙනකුටම හිමිකර දුන් ජයග්‍රහණයක් ලෙස තමන් සලකන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ උතුරු මැද පළාත් සභා ශ්‍රී ලනිප මන්ත්‍රිවරු අතර පෙරේදා (16දා) ජනාධිපති නිල නිවසේදී පැවැති හමුවක් අතරතුරදීය.

රට තුළ පවතින සියලු මැතිවරණ එක් මැතිවරණ ක්‍රමයක් මත පැවැත්විය යුතු බවත් ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බවත් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය සඳහාද මනාප ඡන්ද ක්‍රමය වෙනුවට කොට්ඨාස ක්‍රමය හඳුන්වා දීම සඳහා කටයුතු කිරීමට තමන් කැපවී සිටින බවද එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here