ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කථාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් අතිශය සාමාන්‍ය ගොවි පවුලක උපත ලද මිනිසෙකු රටේ ජනාධිපතිවරයා බවට පත්වීමේ අසිරිමත් කතාන්දරය දියණියකගේ ඇසින් කියැවෙන “ජනාධිපති තාත්තා” ග්‍රන්ථය එළිදැක්වීම අද (15) උදෑසන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී සිදු කෙරිණි.
සිය පියාණන් ප්‍රාදේශීය දේශපාලනඥයෙකු ලෙස දේශපාලන දිවිය අරඹා, කෙමෙන් කෙමෙන් ජනාධිපති ධූරය දක්වා ආ ගමනේදී එතුමාගේ වැඩිමහල් දියණිය වශයෙන් චතුරිකා සිරිසේනයන් ලැබූ අත්දැකීම් කැටි කොට මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිඛෙන අතර ජනාධිපති ධූරය දරණ තම පියා පිළිබඳ ව, දියණියක විසින් රචිත ප්‍රථම චරිතාපදානය ලෙසින් මෙය ඉතිහාසයට එක්වෙයි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් හට ස්වකීය දේශපාලන ජීවිතයේ ආරම්භක අවධියේ සිටම නොසිතූ විරූ අභියෝගයන්ට මුහුණ දෙන්නට සිදුවූ අතර පවුලක් වශයෙන් ඔවුන් ඒවා විද දරාගත් ආකාරය පිළිබදව සාමාන්‍ය සමාජය නොදත් තොරතුරු රැසක් මෙන්ම සියනෑ කෝරලයෙන් රජරටට ජීවිතය සොයා ගිය ධෛර්යවන්ත ගොවි පරම්පරාවේ සත්‍ය ජීවන පුවත මෙලෙස සාහිත්‍ය ලෝකයට විවර කෙරේ.