එංගලන්ත වෛද්‍ය සභාවෙන් සයිටම් ‘බ්ලැක්‌ ලිස්‌ට්‌’

0
681

ශ්‍රී ලංකාවේ සයිටම් ආයතනය පිළිගත නොහැකි බව පවසමින් එංගලන්ත වෛද්‍ය සභාව එම ආයතනය අසාදු ලේඛනගත කර ඇති බවට නිවේදනයක්‌ නිකුත් කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කරයි.

ඉන්දියාව, ලයිබීරියාව, කුක්‌ අයිලන්ඩ්, බටහිර ඉන්දීය කොදෙව්, සෙනගල්, ෂීසෙල්ස්‌ සහ යුක්‌රේනය  ඇතුළු රටවල් 11ක එසේ පිළිනොගන්නා උපාධි පිරිනමන ආයතන එම අසාදු ලේඛනයේ අන්තර්ගත කර ඇති අතර එම ලේඛනයේ 10වැනි ස්ථානයේ මාලඹේ සයිටම් ආයතනය ඇත.

සයිටම් ආයතනය පිරිනමනු ලබන වෛද්‍ය උපාධිය තමන් පිළිනොගන්නා අතර එංගලන්ත වෛද්‍ය සභාවේ පී.එල්. එ.බී පරීක්ෂණයට පෙනී සිටීමට හෝ එරට වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට සයිටම් ඇතුළු එම අසාදු ලේඛනයේ ඇති කිසිදු ආයතනයකින් පිටවන උපාධි ධාරියකුට නොහැකි බව මෙම වාර්තාවෙන් එංගලන්ත වෛද්‍ය සභාව සනාථ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here