ඇලෝසියස්ට අධිකරණයේදී නිහඬ වෙන්න බෑ – ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන

0
494

ඇතැමුන් බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි නොදෙන්නේ තමන්ට සාක්‍ෂි දීමට බැරි තත්ත්වයක්‌ උදාවී ඇති නිසා බවත් කොමිසමේ වාර්තාව භාර දුන් වහාම ඒ අනුව නීතිපති නඩු පවරන බවත් ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම ප්‍රතික්ෂේප…කළත් අධිකරණය හමුවේ නිහඬව සිටිය නොහැකි බව ඔහු තව දුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (14දා) පැවැති මාධ්‍ය හමුවකදී අර්ජුන් ඇලෝසියස් මහතා සාක්ෂි ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි නොදෙන හැමෝටම අධිකරණය හමුවේ අනිවාර්යයෙන්ම සාක්‍ෂි දීමට සිදුවන බවද එහිදී සාක්‍ෂි දීමට නොහැකි බව කාටත් කිව නොහැකි බවද හෙතෙම කියා සිටියේය.

සාක්‍ෂි දීමට බැහැ කීමෙන් පැමිණිල්ල තවත් ශක්‌තිමත් වන බව කී ඇමැතිවරයා මෙහිදී කොමිසමෙන් ගත් පියවර ඉතා නිවැරැදි බවද සඳහන් කළේය. කොමිසමේ කටයුතු අවසන් වීමෙන් පසුව නඩු පැවරීමද කඩිනමින් සිදු කරන බවත් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය පෙනී සිටින බවත් ඇමැතිවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here