ලලිත්ට-අනූෂට ඇප ලැබෙයිද? තීන්දුව 20 දා

0
499

බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ ඇප පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස කොළඹ මහ අධිකරණය විසින් නියෝග කර තිබේ.

ඒ අනුව සැප්තැම්බර් මස 20 අදාළ කරුණු දක්වන්නැයි කොළඹ මහ අධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කර තිබේ.

අදාළ පෙත්සම් අද (14) කැඳවූ අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කියා සිටියේ අදාළ දඬුවමට එරෙහිව අභියාචනයක්ද ඉදිරිපත් කර ඇති බවයි.

එම නිසා එය විභාග කර අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් එම විත්තිකරුවන් ඇප මත නිදහස් කරන ලෙසද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහ අධිකරණ විනිසුරු අදාළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය සැප්තැම්බර් මස 20 දින අධිකරණය හමුවේ දන්වන්නැයි නොතීසි නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here