“දණ ගහල වදින්න පුළුවන් හාමුදුරුවෝ ගොඩක් ලංකාවේ ඉන්නවා, බලන්ගොඩ ආනන්ද මෛත්රී හාමුදුරුවෝ, තන්තිරිමලේ හාමුදුරුවෝ වගේ අය, ඒ අය දේශපාලනය කළේ නැහැ, ගරුතර මහා සංඝරත්නය කියල පොදුවේ කියන්නට බැහැ නමුත් චීවරධාරීන් පිරිසක් ජනතා මුදල් හොරකම් කළ සිල් රෙදි හොරුන්ට කඩේ යනවා,
ජනතාවගේ කෝටි 60 හොරකම් කළ අයගේ දඩේ ගෙවන්න BMW සංඝ මුදලාලිලා පිරිසක් අද පාරට බැහැල සල්ලි එකතුකරනවා, අපේ ආණ්ඩුවේ බැඳුම්කර හොරුන් හිරේ දාන්න අපි දගලද්දී ඒ හොරුන්ටත් කඩේ යන ස්වාමින්වහන්සේලා ඉන්නවා, ඒ අය අපි හිරේ යවන්න උත්සාහ කරද්දී දොස්තරවරු, ඒ අයටත් බන්ධනාගාර රෝහල් ලස්තිකරලා දෙන්න පුළුවන් මේ විදිහට ගියොත්”