ලලිත් – අනුෂ වෙනුවෙන් අරමුදලක්,භික්ෂුන් වහන්සේ දහස් නමක් රට පුරා පිඩු සිඟා වඩිති.

0
874

සිල් රෙදි බෙදීමේ නඩුවට වැරදිකරුවන් වෙමින් බරපතල වැඩ සහිතව වසර 3 ක් සදහා සිර දඩුවම් හිමි වූ ලලිත් වීරතුංග – අනුෂ පැල්පිට යන මහත්වරුන් වෙනුවෙන් බොහෝ පාර්ශව මේ වන විට ඉදිරිපත් වී තිබේ.මහා සංඝ රත්නය සහ හිටපු ජනාධිපති තුමා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ප්‍රධානව සිල් රෙදි නඩුවේ වැරදිකරුවන්ගේ නිදහස පතා වැඩසටහන් කිහිපයක් සංවිධානය කරමින් සිටියි. ලලිත් – අනුෂ මහත්වරුන්ට එක් අයකුට රුපියල් ලක්ෂ 20 බැගින් වු දඩ මුදලක් සහ රුපියල් මිලියන 50 බැගින් වූ වන්දියක් විදුලි සංදේශන නියාමන කොමිසමට ගෙවීමට අධිකරණය විසින් පසුගියදා නියම කරනු ලැබීණි.

ඉහත සදහන් දඩ මුදල සහ වන්දි ගෙවීමට අවශ්‍ය මුදල් සොයාගැනීම සදහා 15,16,17 යන දින වලදී සංඝයා වහන්සේ දහස් නමක් පිඩු සිඟා වැඩීමට නියමිතය. ඒ අනුව 15 වැනි සිකුරාදා උදැසන 7.30 ට පිටකොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයට වැඩම කරවන භික්ෂුන් වහන්සේ එදින උදැසන 8.00 ට පිණ්ඩපාතයේ වැඩම කරමින් අරමුදල සදහා මුදල් එකතු කිරීම ආරම්භ කිරීමට නියමිතය. මේ ආකාරයට 16,17 දින දෙක තුලද රට පුරාම භික්ෂුන් වහන්සේ පිඩු සිඟා වඩින අතර එලෙස එකතුවන මුදල් 18 වන දින තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී එකතු කර එදින සවස 2.30 ට දඩ මුදල් ගෙවීමට ලබා දීමට නියමිතය.මේ පිලිබදව තොරතුරු ඊයේ (11) සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවති මාධ්‍ය සාකච්ජාවකදී ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් ප්‍රකාශ කළහ.එසේම වැඩි දුරටත් අදහස් දැක්වූ අභයතිස්ස හිමියන් ප්‍රකාශ කර සිටියේ දිවයින පුරා බෙදා ඇති සිල් රෙදි 25 වනදා තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය වෙත පෙරහකින් පැමිණ බාර දීමද සිදු කරන බවයි.

තවද මේ වනවිට අදාළ වන්දි මුදල් ගෙවීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගෙන් රුපියල් ලක්ෂය බැගින්ද, පළාත් සභා මන්ත්‍රීවරුයෙකුගෙන් රුපියල් පනස් දහස බැගින්ද, පළාත් පාලන නියෝජිතයෙකුගෙන් රුපියල් විසිපන්දහස බැගින්ද එකතු කිරීමට නියමිතය.ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මහජන නියෝජිතයන්ගෙන් එකතු කර රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයක මුදල ගෙවීමට ද සූදානම්ව සිටින බවද වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here