සිල් රෙදි ආපහු දෙන්න අම්මලා කැමතිලු..

0
567

සිල් රෙදි නඩු තීන්දුවේ දඩ මුදල ගෙවීම සඳහා රජයෙන් ලැබුණු සිල්රෙදි යළි ලබාදීමට මවුවරුන් සූදානම් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කීවේය.
ශ්‍රී දළදා මාලිගාවේදී හමුවූ මවක තමන් ද සිල් රෙද්දක් ලබාගත් බවත් නඩු මුදල ගෙවීම සඳහා එම රෙදි යළි ලබාදීමට සූදානම් බව ඇය ප්‍රකාශ කළ බවත් හිටපු ජනාධිපතිවරයා කීවේය.

මල්වතු මහ විහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී, ශ්‍රී ලංකා බුද්ධගයා විහාරය හා බූවැලිකඩ ශ්‍රී වර්ධනාරාමාධිපති වල්ගොව්වාගොඩ විමලබුද්ධි හිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේට ආශීර්වාද කිරීමේ ජය පිරිත් දේශනය හා වෛද්‍ය සායනය පිළිමතලාව ඉළුක්වත්ත ශ්‍රී ලංකා බුද්ධගයා විහාරස්ථානයේ පැවැති අවස්ථාවට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා එසේ කීවේය.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමිපාණන්ගේ මුලසුන යටතේ පැවැති එම උත්සවයේදී අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා සිල් රෙදි බෙදීම සිදුවුණේ මැතිවරණ සමයක නොවන බවත් එය රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව සිදුකරන ලද්දක් බවත් රජයේ තීන්දු අනුව සිල් රෙදි බෙදීමත් වරදක් නම්, රාජ්‍ය සේවකයන්ට ගැටලු රැසක් මතුවන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here